ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂණය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කදවුර කොළඹ
9:58am on Friday 23rd November 2018
2018 නොවැම්බර් මස 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පරීක්ෂණය අවසන් කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති විසින් 15 දින කොළඹ ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.
 
ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් ගුවන් හමුදාපතිතුමන් කදවුරු පරිශ‍්‍රය වෙත පිලිගනු ලැබීය. අනතුරුව එතුමන් වෙත මාර්ග පෙල කණ්ඩයක් මගින් උත්තමාචාර පුද කරන ලදි.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණයට ලක් කල අතර පරීක්ෂණය අවසන් කිරීමෙන් අනතුරුව කදවුරු වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන් කදවුරේ සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කල දහවල් භෝජන සංග‍්‍රහය සදහා එක් විය.

පරීක්‍ෂණය අවසානයේ  ගුවන් හමුදාපතිතුමන් විසින් කොළඹ කදවුරේ සහ ගුවන් හමුදා මූලස්ථානයේ සියළු දෙනා අමතමින් කියා සිටියේ කොළඹ කදවුරේ සහ ගුවන් හමුදා මූලස්ථානයේ ප‍්‍රමිතිය උසස් මට්ටමින් පවත්වා ගෙන යාම සදහා දායක වූ සියළුම දෙනා අගය කල අතර ගිය වසරේ පැවැත්වූ කදවුරු වාර්ෂික පරීක්‍ෂණයට වඩා  වැඩි කාර්යයක් ඉටු කිරීමට හැකිවීම ගැන ගුවන් හමුදාපතිතුමාගේ පැසසුම හිමිවිය. ගුවන් හමුදා කොළඹ කඳවුරේ නිරීක්ෂණ අවස්ථාවන්හිදී දැක ගැනීමට හැකිවූ සියලු කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා ඉදිරිපත් වූ සියලු දෙනා හට ගුවන් හමුදාපතිතුමාගේ ප‍්‍රසාදයද හිමි විය.
    
අනතුරුව ගුවන් හමුදාපතිතුමා විසින් කොල්ලුපිටිය  ගුවන් හමුදා නිළධාරී නේවාසික නිවස්න තුම්මුල්ල සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය සහ නිළධාරී නිවස්න නිරීක්‍ෂණය සදහා පිටත්ව යන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි