පදවිය වැලිඔය දුෂ්කර ගම්මානයේ වෛද්‍ය සායනයක්
9:40am on Friday 30th November 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ශ‍්‍රී ලංකා නාවික හමුදාව සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව සංවිධානය කරන ලද වෛද්‍ය සායනයක් වැලිඔය ගජබාපුර පරණගම වැව විදුහලේදී 2018 නොවැම්බර් මස 17 වන දින ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය පාසලේ සමාජය යහපත් කිරීම සඳහා සිය දායකත්වය ලබාදීම අරමුණකොටගත් සමාජ සත්කාරක වැඩසටහනක් වශයෙන් පවත්වන ලදී.

ශ‍්‍රී ලංකාවේ දශක තුනක කුරිරු ත‍්‍රස්තවාදයෙන් පීඩාවට පත්වූ කලාපයන්හි ජනතාව තවදුරටත් දේශය කෘෂිකර්මාන්තයෙන් පෝෂණය කරමින් සිටියි. මෙම ප‍්‍රදේශයන්හි ජනතාව නිදන්ගත වකුගඩු රෝගය ඇතුළු නිදන්ගත රෝග ගණනාවකින් පීඩා විඳිමින් සිටියද ඒ සඳහා දැනට පවතින උසස් වෛද්‍ය පහසුකම් පමණක් නොව සාමාන්‍ය මූලික වෛද්‍ය පහසුකමක්වත් ඔවුන් හට නොලැබෙන බැව් පෙනී යයි. ඒ අනුව මෙම කලාපයේ ජනතාව හට වෛද්‍ය පහසුකම් සැපයීමේ දැඩි අවශ්‍යතාවය වටහාගනිමින් මෙම වෛද්‍ය පහසුකම් ලබාදීමේ කඳවුර මෙම ප‍්‍රදේශයේදී පවත්වන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය පාසල වෙනුවෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකය මෙම වැඩසටහනෙහි පෙරමුණ ගන්නා ලදී. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ශ‍්‍රී ලංකා යුධ හමුදාව ශ‍්‍රී ලංකා නාවික හමුදාව සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අංශයන් සිය සහභාගීත්වය සහ අමිල දායකත්වය සපයන ලදී ති‍්‍රවිධ හමුදාවේ වෛද්‍ය අංශයන්හි ක‍්‍රියාකාරී දායකත්වය මෙහි සාර්ථකත්වයට හේතු විය.

මෙම වෛද්‍ය පහසුකම් ලබා දීමේ කඳවුර බාහිර රෝගී පහසුකම්ල විශේෂඥ විකිරණවේදී සායනය (අල්ට‍්‍රා සවුන්ඩ් ස්කෑන් කිරීම සහ x රේ පහසුකම් ඇතුලත්ව විශේෂඥ වෛද්‍ය සායන, විශේෂඥ ළමා රෝග සායන විශේෂඥ, ප‍්‍රසව හා නාරිවේද සායනය, විශේෂඥ විකලාංග සායනය, විශේෂ අක්ෂි සායනික වෛද්‍ය සායන, විශේෂිත චර්ම රෝග සායනය, භෞත චිකිත්සක පහසුකම්, වෛද්‍ය රසායනාගාර පහසුකම්, සහ හදිසි ප‍්‍රතිකාර පහසුකම් ආදී පහසුකම්වලින් සමන්විත විය. මීට අමතරව ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීම ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට පෝෂණ ද‍්‍රව්‍ය පරිත්‍යාග කිරීමද සිදු කරන ලදී. ශ‍්‍රී ලංකා යුධ හමුදා 62 වන සේනාංකය විසින් සැපයුම් සහාය ලබා දෙන ලදී.

1100 කට අධික පිරිසක් රෝග නිර්ණය කළමනාකරණය සහ ජීවිත තර්ජන තත්වයන් පිළිබඳ පසු විපරම් කිරීම සඳහා යොමු කිරීම නිදන්ගත එන්ෂීඩී සහ වෙනත් රෝග සඳහා ප‍්‍රතිකාර ගැනීම සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි