අබාන්ස් ආයතනයේ ප‍්‍රදර්ශන කුටි 02 ක් කටුනායකට හා ඒකලට
2:17pm on Tuesday 4th December 2018
අබාන්ස් ආයතනයේ නව ප‍්‍රදර්ශන කුටි 02 ක් ගුවන් හමුදා කටුනායක මූලික කදවුරේදී හා ඒකල වෘර්තීය පුහුණු පාසලේදී පසුගිය නෙවැම්බර් මස 30 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් විවෘත කරණ ලදී.

කටුනායක මූලික කදවුරු නව ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීම අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ මහතාගේ මග පෙන්වීම යටතේ සිදු කෙරුණු අතර ඒකල වෘර්තීය පුහුණු පාසලේ නව ප‍්‍රදර්ශනාගාරය විවෘත කිරීම අණදෙන නිළධාරී  ගෲප් කැප්ටන් එම් ජේ ආර් පෙරේරා මහතාගේ මග පෙන්වීම යටතේ සිදුකරණ ලදී. මෙම අවස්ථාව සදහා අබාන්ස් ආයතනයේ කළමනාකාර  අධ්‍යක්ෂක බෙමන් (ටිටෝ) ෙපස්ටන්ජි මහතා හා ප‍්‍රධාන කළමනාකරු ලලින්ද බ‍්‍රාහ්මණ මහතා ද සහභාගී විය.

ගුවන් හමුදා සාමාජිකයින්ගේ සුභසාදනයන් නැන්වීමේ අරමුණින් ගුවන් හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව මෙම නව ප‍්‍රදර්ශනාගාර විවෘතකිරීම සිදුකරණ ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි