ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිමේ සහ ආධුනිකයින්ගේ විසිරයාමේ පෙළපාලිය ශි‍්‍ර ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේදී
4:21pm on Monday 14th January 2019
'සුරකිමු ලකඹර' යන පාඨය තේමා කරගනිමින් ශ‍්‍රී ලාංකීය නිල් ගුවන සුරකින ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ එම අභිමානවත් කර්තව්‍යට උරදීම සඳහා ගුවන් හමුදා සාමාජිකයෙකු සමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක්විමට අංක 58 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව හා අංක 10 වන කෙඩෙට් නිලධාරිණි පාඨමාලාව හැදෑරූ කෙඩෙට් නිළධාරීන් නිළධාරිණියන් අධිකාරියට පත් කිරීම, 87 වන පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාව හැදෑරූ ගුවන් නියමුවන් හට පියාසර ලාංජන පැළඳවීම සහ අංක 167 වන නිත්‍ය ආධුනික ගුවන් භට පාඨමාලාව සහ අංක 37 වන නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලාව, අංක 130 වන ස්වේච්ජා ආධුනික ගුවන් භට පාඨමාලාව අංක 35 ඉදුරා බදවා ගැනිමෙි පාඨමාලාව හා අංක 13 වන ස්වේච්ජා ආධුනික ගුවන් කාන්තා පාඨමාලාව සාර්ථකව හැදෑරූ ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන්,  2018 ජනවාරි 11 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේ ගරු ලේකමි හේමසිරි ප‍්‍රනාන්දු මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේදී පැවති විසිරයාමේ පෙළපාලියේදි මහත් අභීමානයෙන් යුතුව විසිර ගියහ.

මෙම විසිරයාමේ පෙළපාලියේ පෙළපාලි අණදෙන්නා ලෙස විංග් කමාන්ඩර් රොෂාන් ගුණවර්ධන කටයුතු කල අතර මෙහිදී අංක 58 වන සහ අංක 10 වන කෙඩෙට් නිලධාරී/ නිලධාරිණී පාඨමාලාවන්හි නිලධාරීන්/ නිලධාරිණීයන් 31 දෙනෙකු අධිකාරියට පත් කරන ලදි.

මෙම විසිර යාමෙි පෙළපාලියේදි අංක 87 වන පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාව හැදෑරු ගුවන් නියමුවන් 06 දෙනෙකු හට පියාසර ලාංජන පැළඳවීය. අංක 167 වන නිත්‍ය ආධුනික ගුවන් භට සහ අංක 37 වන නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලාවන් ඉතා සාර්ථකව හැදෑරූ ආධුනික ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 656 දෙනෙකු මෙහිදී විසිර ගිය අතර මෙම පාඨමාලාවන්හී සුවිශේෂී දක්ෂතා දැක්වූ කෙඩෙට් නිළධාරී/නිළධාරිණියන් හා ආධුනික ගුවන්භට ගුවන් කාන්තාවන් හට විශේෂ සම්මාන ප‍්‍රධානය කරන ලදී.

මෙම පෙළපාලියේ අභිමානවත් බව තවත් වැඩි කරමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය විසින් පැමිණ සිටි සියළු දෙනා අමන්දානන්දයට පත්කරමින් ගුවන් කරනම් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය එක්ව විචිත‍්‍රවත් සරඹ සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී.

ලකඹර ජයගත් ගුවන් හමුදා පැරෂුට් භටයින් නිල් අහසේ තම අණසක පතුරවමින් නිදහසේ එක් එක් රටා මවමින් පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කල අතර ආධුනික ගුවන් භටයින් විසින් ඔවුන් පුහුණුවෙන් ලද අත්දැකීම් උපයෝගී කර ගනිමින් සතුරු කදවුරු වලට ප‍්‍රහාරයක් දියත් කරන ආකාරයේ නිදර්ශනාත්මක සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී.

මෙම විසිරයාමේ උත්සවය සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මෙන්ම ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් සහ ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝ්ර සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු අනෙකුත් නිළධාරීන් හා සෙසු නිළයන් ද ආධුනික කෙඩෙට් නිළධාරී/නිළධාරිණී හා නිත්‍ය ගුවන් භට/ගුවන් කාන්තාවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද යුධ සහ නාවික හමුදාවල නිළධාරීන්, පොලීසියේ නිළධාරීන් සහ ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි