දියතලාව ගුවන් හමුදා කඳවුරු ගුවන් කාන්තාවන් සඳහා නව සිව් මහල් ගොඩනැගිල්ලක්
3:48pm on Thursday 21st March 2019
දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගුවන් කාන්තාවන්ගේ පරිශීලනය උදෙසා අළිතින් තනා නිම කරන ලද සිව් මහල් ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2019 මාර්තු මස 09 වන දින විවෘත කරන ලදී.

මෙම ගොඩනැගිල්ල දියතලාව පුහුණු පාසලේ සේවය කරනු ලබන ගුවන් කාන්තාවන් සඳහා සහ නොයෙකුත් රාජකාරී අවශ්‍යතාවයන් හේතුවෙන් දියතලාව ගුවන් හමුදා කඳවුර වෙත යා කෙරෙන ගුවන් කාන්තාවන්ගේ ප‍්‍රයෝජනය සඳහා සියළුම පහමුකම්වලින් සමන්විතව ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පුර්ණ අධීක්‍ෂණය යටතේ ඉදිකරන ලදී.

දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේ මූලික ගොඩබිම් සටන් පුහුණුව හදාරන ආධුනික ගුවන් කාන්තාවන් හැරුණු කොට ගුවන් කාන්තා සරඹ/ අවි උපදේශිකා, ගුවන් කාන්තා වෘත්තීය පරීක්‍ෂණය 1, ශෘරීරික අභ්‍යාස උපදේශක (මූලික/උසස්* ආදී පාඨමාලාවන් ඇතුළත්ව ගුවන් කාන්තාවන් ඇතුළත් විවිධ පාඨමාලාවන් රාශියක් ක‍්‍රියාත්මක කරනු ලබයි. එබැවින් දියතලාව කඳවුරේ ස්ථිර සේවයේ නියුතු ගුවන් කාන්තාවන් සඳහා තත්වයෙන් උසස් නවාතැන් පහසුකම් සැලසීම දිගු කාළයක සිට අත්‍යවශ්‍යතාවයක්ව පැවතිණි.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ, දියතලාව ගොඩබිම් සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ඩබ්පීඩී ප‍්‍රනාන්දු, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි