වීරවිල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
11:06am on Monday 14th October 2019
වීරවිල ගුවන් හමුදා කඳවුරේ හිටපු අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් අශෝක වරකාංග මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් මනෝජ් කැප්පෙටිපොල මහතා හට නිළවශයෙන් භාරදීම 2019 ඔක්තෝම්බර් මස 07 වන දින වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිදුවිය.

එයාර් කොමඩෝර් අශෝක වරකාංග 2017 මාර්තු මස 31 වන දින වීරවිල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරීවරයා වශයෙන් රාජකාරීන් ආරම්භ කරන ලද අතර ඔහු ස්වේච්ජා ගුවන් හමුදාවේ අණදෙන නිළධාරී ධුරයෙහි රාජකාරී භාරගැනීමට නියමිතය.

වීරවිල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරීවරයා වශයෙන් රාජකාරීන් භාරගැනීමට ප‍්‍රථම ගෲප් කැප්ටන් මනෝජ් කැප්පෙටිපොල කටුනාටක ගුවන් හමුදා කඳවුරේ නිළධාරී අණදෙන පිරිස් සේවා තනතුරෙහි රාජකාරියෙහි නියුක්තව සිටියේය.

වීරවිල ගුවන් හමුදා කඳවුරු සරඹ පිටියේදී පැවැත්වුණු අතර ඒ සඳහා විංග් කමාන්ඩර් ඩබ්ජීඑන්ඩී වැවකුඹුර විසින් අණදෙන ලදී

හිටපු අණදෙන නිළධාරීවරයා වීරවිල ගුවන් හමුදා කඳවුරේ සියළුම නිළයන් අමතා තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි