අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය සිය 10 වැනි සංවත්සරය සමරයි
3:12pm on Sunday 27th October 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඇකඩමියේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2019 ඔක්තෝබර් 15 වන දින සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය.සංවත්සර දින වැඩසටහන් ලෙස උදෑසන වැඩ පෙළපාලිය සහ වොලිබෝල් තරඟාවලියක් සහ සියලු නිලයන් සදහා දිවා ආහාරය ලබාදීම සංවිධානය කර තිබිණි.

අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ඩීඑල්ජේආර්කේ දොඩම්ගොඩ පෙළපාළිය පරීක්ෂා කල අතර පෙළපාළියෙන් පසුව රේඩාර් හිල් පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් විද්‍යාපීඨයේ ගස් සිටුවීමේ වැඩසටහනට සමගාමීව ආරම්භ කරන ලද අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය  විද්‍යාපීඨයේ අණදෙන නිලධාරියාගේ උපදෙස් පරිදි ආරම්භ කරන ලදී.

සංවත්සරය සැමරීම සදහා ලංකා පටුන විහාරයේ සංගයා වහන්සේ සඳහා දානයක් ලෙස වියළි සලාක පිරිනැමීමත් බළඝණයේ සියලු නිලයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපාරයක්ද ලංකා පටුනපන්සලේදී සිදු කරන ලදී.චීනවරාය නාලන්දා විද්‍යාලයේ පාසල් ළමුන් සඳහා දන්ත වෛද්‍ය පරීක්‍ෂණ වැඩසටහනක්ද සහ රේවත ළමා නිවාසයේ දරුවන්ට දහවල් ආහාරය පිරිනැමීමද සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි