අංක 9 ආපදා ආධාර සහ ප්‍රතිචාර කණ්ඩායම් පාඨමාලාවේ සහතික ප්‍රධානය කිරීමේ උත්සවය මුලතිව් ගුවන් හමුදා කදවුරේදී
2:32pm on Friday 1st November 2019
අංක 9 ආපදා ආධාර සහ ප්‍රතිචාර කණ්ඩායම් පාඨමාලාවේ පුහුණුවන්නන් සඳහා සහතික ප්‍රධානය කිරීමේ උත්සවය ඔක්තෝබර් 25 මුලතිව් ගුවන් හමුදා කදවුරේ ආපදා කළමනාකරණ පාසලේදී පැවැත්විණි.

නිලධාරීන් හත් දෙනෙකු සහ ගුවන් භටයින් 23 දෙනෙකු මෙම අවස්ථාවේදී ඔවුන්ගේ සහතික ලබා ගත්හ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරී  වින්ග් කමාන්ඩර් ආර්ජීජේපී කොටින්කඩුව මහතා මෙම අවශ්ථාවට සහභාගී විය.ආපදා කළමනාකරණ පුහුණු පාසලේ අණදෙන නිලධාරී ස්කොඩ‍්‍රන් ලීඩර් පීඑම්බී මඩහපොල ,කදවුරේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි