අංක 34 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය
4:31pm on Wednesday 15th December 2010
අංක 34 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය 2010 දෙසැම්බර් මස 10 දින චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨ කඳවුරේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විදුහල් ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් සිදු විය.

යුධ හමුදා නිළධාරින් 04 දෙනෙක්, නාවික හමුදා නිළධාරීන් 04 දෙනෙක් සහ ගුවන් හමුදා නිළධාරීන් 19 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව නිම කරමින් කැළණිය විශ්වවිද්‍යාලය මගින් පිරිනමන පශ්චාත් උපාධි ආරක්ෂක ඩිප්ලෝමා ලබා ගත් අතර මෙම උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධ්ත අමුත්තා ලෙස ගුවන් හමුදා පරීක්ෂණ හා ආරක්ෂණ වැඩබලන අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ටීඑල්ඩ්බ් දිසානායක සහභාගී විය.

කණිශ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සති 14ක කාලපරාසයක් පුරා නොයෙකුත් අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකම් ඔස්සේ යමින් ඉහල නිළයක් දැරීමේදී ඔවුන්ට අවශ්‍ය දැනුම පන්නරය ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වේ. පුද්ගල කළමණාකාරීත්වය, ඉංග්‍රීසි දැනුම,පරිඝණක දැනුම, තෝරාගත් ආයතන පිළිබඳ අධ්‍යයනය කිරීම, තෝරා ගත් විෂයන් පිළිබඳ ස්වයං ගවේෂණ, දේශණ, ශාරීරික පුහුණු වීම් සහ ක්‍රීඩා ආදී නොයෙකුත් විෂයන් තුළින් කණිශ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ වේ.

පාඨමාලාවේ විශේෂ ත්‍යාග ලාභීන් මෙසේය...

පාඨමාලාවේ දක්ෂතම නිළධාරියා
බළඝණ නායක ජේ අයි අබේගුණවර්ධන

පාඨමාලාවේ හොඳම ග්‍රන්ථ විචාරය
 බළඝණ නායක ජේ අයි අබේගුණවර්ධන

පාඨමාලාවේ දක්ෂතම ක්‍රීඩකයා
බළඝණ නායක ඩ්බ් අයි ද සිල්වා

පාඨමාලාවේ දක්ෂතම කළමණාකරන නිලධාරියා
බළඝණ නායක ජේ අයි අබේගුණවර්ධන

පාඨමාලාවේ දක්ෂතම කථිකයා
මේජර් ඒකේඩී අධිකාරි ( යුධ හමුදාව )
 
පාඨමාලාව තුළින් ලබා ගත් ස්ථාන මෙසේය..

පළමු ස්ථානය
ඕඩබ්/01023 බළඝණ නායක ජේ අයි අබේගුණවර්ධන

දෙවන ස්ථානය
02423 බලපන්ති ලුතිනන් ඩියූඊ සිල්වා

තුන්වන ස්ථානය
එන් ආර් එක්ස්/1704 ලුතිනන් ඩීඑම් ඒබී දිසානායක (නාව්ක හමුදාව)

හතරවන ස්ථානය  
එන් ආර් ඊ/1340 ලුතිනන් ආර් එස් දි සොයිසා (නාව්ක හමුදාව )
පස්වන ස්ථානය - 02337 බළඝණ නායක ඩී රබුක්වැල්ල 




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි