මව් බිමේ ජයග්‍රහණයට උරදුන් විරුවන්ට ජනපති සම්මාන
4:45pm on Wednesday 15th December 2010
උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණයට දායක වු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන් සඳහා " නැගෙනහිර මානුශීය මෙහෙයුම් පදක්කම", " උතුරු මානුශීය මෙහෙයුම් පදක්කම"   සහ සන්ධාර වලින් පිදුම් ලැබීය. පසුගිය 14 දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන උත්සවය සිදු විය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාධිපති එයාර් චිෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ප්‍රථම පදක්කම පැළඳවීමෙන් අනතුරුව පිළිවෙලින් යුධ හමුදාපති, නාවික හමුදාපති වෙත පදක්කම් පැළඳවිණි.

මෙම පදක්කම් පැළඳවීමේ උත්සවය සඳහා ගරු අග්‍රාමාත්‍ය දී.මූ ජයරත්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඇතුළු රජයේ මැති ඇමතිවරු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි