ගිනි නිවාරණ මූලික පාඨමාලවේ සහතික පත් ප‍්‍රදානය
9:00pm on Friday 7th February 2020
අංක 168 ගිනි නිවාරණ මූලික පාඨමාලවේ සහතික පත් ප‍්‍රදානය 2020 ජනවාරි මස 31 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගිනි නිවාරණ හා ගිනි අපකරණ නඩත්තු බලඝණයේදී සිදුකෙරිණි.

ගුවන් හමුදා ප‍්‍රදාන ගිනි නිවාරණ නිළධාරි විංග් කමාන්ඩර් සීපී හෙට්ටිආරච්චි ප‍්‍රදාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගිනි නිවාරණ පුහුණු පාසලේ වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්‍්‍රන් ලීඩර් එච්කේඒ ද අල්විස්, උපදේශකයින් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

පුහුණු භටයින්ගේ කුසලතාවයන් ඔප් නංවමින් සිදුකරන ලද මනා පුහුණුව අවසානයේ ඔවු්නගේ කුසලතාවයන් අගයමින් සහතිකපත් ප‍්‍රදානය කිරීම සිදු කරන ලද අතර පුරා සති 20 ක පමණ කාලයක් මුළුල්ලේ ගිනි රසායනය, මූලික ගණනය කිරීම්, හුස්ම ගැනීමේ උපකරණ, මුදවාගැනීම්, ගිනි අනතුරු සංඥා පද්ධති, ගිනි අනතුරු වලකාගැනී, තුවාලකරුවන් ප‍්‍රවාහනය ආදී විවිධ ක්‍ෂේත‍්‍රයන් ඔස්සේ නිසි පුහුනුවක් සහ අධ්‍යාපනයක් ලබාදෙන ලදී.

50058 ගුවන් භට අධිකාරි ඒඑම්ජීඑච්ටී පාඨමාලාවේ දක්‍ෂතම ගිනි නිවාරණ භටයා ලෙස සම්මාන දිනා ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි