රුසියානු සමූහාණ්ඩු යුධහමුදාවේ සේනාධිනායකතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවේ
4:12pm on Monday 10th February 2020
රුසියානු සමූහාණ්ඩු යුධ හමුදාවේ සේනාධිනායක, යුධ හමුදාවේ ජෙනරාල් ඔ්ලෙග් සැල්යුකොව් මහතා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2020 පෙබරවාරි මස 05 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

රුසියානු සමූහාණ්ඩු යුධ හමුදාවේ සේනාධිනායකතුමන් පිළිගැනීම කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ලැබ්රෝයි විසින් සිදුකරන ලදී. අනතුරුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් උත්තමාචාර පෙළපාලියක්ද සිදුකරන ලදී.

එතුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති තුමන් විසින් පිළිගන්නා ලද අතර ශ‍්‍රීලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිෂ් මාර්ෂල් සුදර්ශණ පතිරණ විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය හදුන්වා දෙන ලදී.පසුව දෙපාර්ශවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි