ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකා ධුතපිරිස ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
9:14am on Friday 28th February 2020
පස් දෙනෙකුගෙන් සමන්විත ජපාන ගුවන් ස්වයං ආරක්‍ෂක බලකා ධූත පිරිසක් 2020 පෙබරවාරි මස 19 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාධිපති සුමංගල ඩයස් මහතා හමු විය. කර්නල් කඩොකුරා මිට්සුයෝශි මහතා දූත පිරිසේ ප‍්‍රදානියා වශයෙන් කටයුතු කරන ලදී.

මෙහිදී සෝදිසි කිරීමේ සහ ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකරමින් දෙපාර්ෂවය සුහද සාකච්ඡුාවක නිරත වූ අතර අවසානයේ හමුව සිහිපත් වීම පිණිස සමරු ඵලක හුවමාරුකරගැනීමක්ද සිදු කරන ලදී.

මෙම ධුත පිරිස 2020 පෙබරවාරි මස 18 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සංචාරයක නිරත වෙමින් සෝදිසි කිරීමේ සහ ජීවිත ගලවාගැනීමේ උපකරණ පරීක්‍ෂා කරන ලද අතර එම කාර්යයන්හි නරත ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් ද හමුවිය. අනතුරුව එම මෙහෙයුම් සඳහා සහභාගීවන ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් හට විශේෂ පුහුණු සැසියක්ද ඔවුන් විසින් කි‍්‍රයාත්මක කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි