අංක 41 මුලික පැරෂුට් පැනිමේ, අංක 10 නිදහස් ආර පැරෂුට් පැනිමේ, අංක 03 ජම්ප් මාස්ටර් සහ අංක 6 විශේෂ ගුවන් මෙහෙයුම් පුහුණු පාඨමාලාවන් සාර්ථකව විසිර යයි
9:36am on Friday 28th February 2020
ශ්‍රී ලංකා ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් එහි 41 වන මූලික පැරෂුට් පැනීමේ පුහුණු පාඨමාලාව අංක 10 නිදහස් ආර පැරෂුට් පැනිමේ පාඨමාලාව, අංක 03 ජම්ප් මාස්ටර් සහ අංක 6 විශේෂ ගුවන් මෙහෙයුම් පුහුණු පාඨමාලාවන්ගේ විසිරයාමේ පෙළපාලිය 2020 පෙබරවාරි මස 20 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. එම පාඨමාලාවන් සාර්ථකව හැදැරූ නිළධාරීන් 7 දෙනෙකු, ගුවන් භටයින් 38 දෙනෙකු,ගුවන් කානාතාවන් 04 දෙනෙකු, යුධ හමුදා සාමාජිකයින් 04 දෙනෙකු, නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකු, විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 04 දෙනෙකු සහ සාමාජිකාවන් 02 දෙනෙකු, පාකිස්ථානයේ දී ජම්ප් මාස්්ටර් පාඨමාලාව හැදෑරූ ගුවන් හමුදා නිළධාරියෙකු සහ චීනයේදී මූලික පැරෂුට් පාඨමාලාව හැදෑරූ ගුවන් හමුදා කාන්තා නිළධාරිනයෙකු සහ විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාව හැදෑරූ නිළධාරීන් 03 දෙනෙකු සහ ගුවන් භටයින් 31 දෙනෙකු ඇතුළත්ව 101 දෙනෙකු මෙහිදී විසිරයන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුව්න් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ත‍්‍රිවිධ හමුදා නිළධාරීන්, ආරාධිත අමුත්තන්,අම්පර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සුරේෂ් ප‍්‍රනාන්දු,පැරෂුට් පුහුණු පාසලේ වැඩබලන අණදෙන නිළධාරී සුකොඩ්‍්‍රන් ලීඩර් සුමේධ රිටිගල සහ විසිර යන භටයින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

වයි12 ගුවන් යානයක් ආධාරයෙන් අඩි 1000 ක පමණ උසක සිට මූලික පැරෂුට් පැනීමේ පාඨමාලාවේ භටයින් සිය පැනීම් සිදුකරමින් පෙළපාලිය ආරම්භ කරන ලද අතර අනතුරුව අඩි 10000 ක පමණ උසක සිට නිදහස් ආර පැරෂුට් පැනීමේ භටයින් (ස්කය් ඩයිවර්ස්) විසින් අහසේ සුන්දර රටා මවමින් සිය පැනීම් සිදු කරන ලදී.

අනතුරුව පාඨමාලාව සඳහා සහභාගී වූවන් විසින් අවි රහිත සටන් සංදර්ශනාත්මකව ඉදිරිපත් කරන ලද අතර ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් සරඹ සංදර්ශනයක් සහ ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් තූර්ය වාදක සංදර්ශනයක්ද ඉදිරිපත් කරන ලදී.

ෆ්ලයිං ඔෆිසර් පීජේඑච්කේඑම් සේනාධීර සහ නායක ගුවන් භට අබේනායක ඒඑල්එම් විසින් අංක 41 මූලික පැරෂුට් පාඨමාලාවේ සහ අංක 06 නිදරහ් ආර පැරෂුට් පාඨමාලාවේ දක්‍ෂතම පැරෂුට් භටයා ලෙස සම්මාන දිනා ගන්නා ලදී.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි