දරුවන් වෙනුවෙන් විනෝද චාරිකාවක්
5:50pm on Monday 3rd January 2011
පාදුක්ක "සංහිඳ ළමා නිවාසය" ළමුන් වෙනුවෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ විද්‍යුත් හා සන්නිවේදන අංශය මගින් සංවිධානය කළ විනොද චාරිකාව 2010 දෙසැම්බර් මස 29 වන දින පැවැත්විණි.

කුඩා ළමුන් හැටකට අධික ප්‍රමාණයක් මෙම ගුවන් හමුදා විනෝද චාරිකාවට සහභාගි වූහ. මොවුන් හට රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි කෞතුකාගාරය නැරඹීමටද හැකියාව ලැබිම විශේෂත්වයකි.

එහිදි ගුවන් හමුදා කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි භෝජනාගාරයේදී පැමින සිටි ළමුන් සඳහා තේ පැන් සංග්‍රහයක්ද පිළිගැන්විණ. විද්‍යුත් හා සන්නිවේදන අංශයේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් බන්දුල හේරත් සහ ඔවුගේ කාර්ය මණ්ඩලය විසින් විනෝද චාරිකාවට සහභාගි වු ළමුන් සඳහා පුස්තකාල පොත් හා තෑගි පාර්සල් ලබා දීමක්ද මෙහිදි සිදු විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි