ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පලාලි හා මුලතිව් කඳවුරැවල නිරෝධායනයට ලක්වූ පිරිස සමාජගත කිරීමට පියවර
10:01pm on Sunday 4th October 2020
ඉන්දියාව සහ මැදපෙරදිග සිට මෙරටට පැමිණි  පුද්ගලයින් 70 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පලාලි හා මුලතිව් කඳවුරැවල  පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෙමුකරන ලද අතර 2020 සැප්තැම්බර් මස 18 වන දින සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරීමෙන් පසු  ඔවුන් තම නිවෙස් වෙත පිටත් කර හරින ලදී.මෙම සිවිල් වැසියන්ට දින 14 ක කාලයක් නිවෙස්වල තවදුරටත් ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් දී ඇත.

මෙම නිරෝධායන මධ්‍යස්ථාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ සියලූ පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ලියු ආර් ද සොයිසා හා මුලතිව් ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන ඇතුලු කාර්යමණ්ඩල වල අධික්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පලාලි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව්
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි