2020 වසරේ විශිෂ්ඨතම ගුවන් භටයින් වෙනුවෙන් සම්මාන ප‍්‍රදානය කෙරේ
5:41pm on Monday 12th July 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මාණශීලී, නිපැයුම්, සොයා ගැනීමම් ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු කල විශිෂ්ඨතම ගුවන් භටයා හෝ ගුවන් කාන්තාව තෝරා තිළිණ ප‍්‍රදානය කරමින් ගෞරව දැක්වීමේ වර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 18 වන දින කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන් වීව් උත්සව ශාලාවේදී පැවැත්විණ.

2020 වර්ෂයේ මුල සිට අග දක්වා කාලය තුල එක් එක් වෘත්තීන්ට අදාල හොඳම සේවා පුද්ගලයා තේරීමේදී පිළිගත් ක‍්‍රමවේදයකට අනුව එක් එක් වෘත්තීන්හී අධ්‍යක්‍ෂක මණ්ඩල මගින් සිදු කල අධීක්ෂණයන් යටතේ පසුගිය වර්ෂයේ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් කල දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම තෝරා ගැනීම සිදු කරන ලදී.

ගගන ඉංජිනේරු, සාමාන්‍ය ඉංජිනේරු, විද්‍යුත් සහ සන්නිවේදන ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සැපයුම්, පරිපාලන, මෙහෙයුම් භූමි, වෛද්‍ය සහ දන්ත වෛද්‍ය යන අංශයන්හි සේවා නියුතු වුවන් මේ සඳහා තෝරා ගන්නා ලදී.

ඉහත සඳහන් ඒ ඒ වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබා ගන්නා සේවා පුද්ගලයා වසරේ විශිෂ්ඨතම සේවා පුද්ගලයා ලෙස සම්මාන ලැබීමට සුදුසුකම් ලබයි. ගුවන් හමුදාවේ වැඩ කටයුතු පහසු කරගැනීමට කරනු ලබන නව සොයා ගැනීම් සිදු කරන කණ්ඩායම සඳහා සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු කරනු ලබයි. මෙම තෝරා ගැනීම් සියල්ල සිදුකරනු ලබනුයේ ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ප‍්‍රධාන කමිටුවක් මගිනි.

2020 වසරේ විශිෂ්ඨම ගුවන් භටයා ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේ ගුවන් යානා සහායක පක්‍ෂාංගයේ සේවය කරන බලපන්ති සැරයන් චන්ද‍්‍රපාල ආර්ජීකේඑස් (ගුවන් යානා යාන්ති‍්‍රක ඉංජිනේරු* සම්මානයෙන් පිදුම් ලැබු අතර 2020 වසරේ විශිෂ්ඨම ගුවන් කාන්තාව ලෙස චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගයේ සේවයේ නියුතු කෝප‍්‍රල් චතුරංගනී කුමාරි එච් (ආරක්‍ෂක මෙවලම් කාර්මික ශිල්පී* සම්මාන හිමිකරගන්නා ලදී.

මෙහිදී විවිධ සොයා ගැනීම් සිදු කරන ලද කණ්ඩායමට ද සම්මාන පිරිනැමුනු අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කදවුරේ රෝඩාර ්නඩත්තුප කිරීමේ පක්‍ෂාංගයේ කණ්ඩායම සම්මාන ලබා ගැනීමට සමත් විය.

මෙම සම්මාන උලෙලෙහි හොදම තත්ව පාලන කමිටුව ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකළ වෘත්තීය පුහුණු පාසල සම්මානය දිනාගන්නා ලද අතර මෙම සුවිශේෂී උත්සව අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්,  නිළධාරීන් ඇතුලූ සෙසු නිළයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී වූහ.
                                                                                                                       
AIRMENAIRWOMEN

Best Air Operations Tradesman
Flight Sergeant Anwerdeen F

 



Best Ground Operations Tradeswoman
Leading Aircraftwomen Gedarawaththa GNL

Best Aeronautical Engineering Tradesman
Flight Sergeant Chandrapala RGKS

Best Aeronautical Engineering  Tradeswoman
Corporal Chathurangani Kumari H

Best General Engineering Tradesman
Sergeant Bandara TMA

 

Best Electronics &Telecommunications
Tradesman
Sergeant Mihiran UDP

 

Best Logistics Tradesman
Flight Sergeant Kobbawela KGTKS

Best Logistics Tradeswoman
Sergeant Wickramage CSK

Best Administrative Tradesman
Sergeant Rajapaksha RARPK

 

Best Civil Engineering Tradesman
Leading Aircraftman Jayarathne WN

 

Best Health Services Tradesman
Flight Sergeant Pushpakumara AD

Best Health Services Tradeswoman
Corporal Peiris ALCS

Best Provost Tradesman
Flight Sergeant Chathuranga AAB

Best Provost Tradeswoman
Corporal Sandamali PK

Best Physical Training Tradesman
Warrant Officer RTO Dissanayake

 

Best Performing Arts Tradesman
Flight Sergeant Jayawardana JSJ

Best Civil Engineering/Performing Arts  Tradeswoman
 Corporal Chathurika WAM (Dancer)

Best Information Technology Tradesman
Flight Sergeant Irshad MSHM

Best Information Technology Tradeswoman
Leading Aircraftwomen Jayasinghe RATN

Best Support Services Tradesman
Sergeant Narayana NMTM

 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි