ගුවන් හමුදා පාපැදි සවාරියේ ශූරතාවය ගුවන් හමුදාවට
6:09pm on Monday 24th January 2011
ගුවන් හමුදා 60 වැනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද 12වැනි ගුවන් හමුදා පාපැකරුවන් වන බුද්ධික වර්ණකුලසූරිය සහ දිනේෂ් ධනුෂ්ක (22දා) සමත් වූහ.

ආරක්ෂක මාණඩලික ප්රධධානි හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් පාපැදි සවාරියේ සිව්වන සහ අවසාන අදියර ආරම්භක සංඥාව ලබා දීමත් සමගම කොළඹ ගුවන් හමුදා කඳවුරේ සිට කොග්ගල දක්වා කි.මී. 132කින් සමන්විත තරඟය ආරම්භ විය.

ගුවන් හමුදා පාපැදිකරු ජීවන් ජයසිංහ රත්මලාන නගරයේදී පළමුවන වේගවත් කඩඉම ජය ගැනීමට සමත් විය. ආසිරි කැළුම් (සදර්න්), බි.ජේ. සුමනසේකර (මික්ස්), සහ නිලංග අප්පුහාමි (ගුවන් හමුදාව ) පිළිවෙලින් දෙවන්, තෙවන සහ සිව්වන ස්ථානයන්ට පත් වූහ.

එසේම කළුතර නගරයේදී වේගවත් කඩඉම පසු කිරීමේදී ඉතාමත්ම තියුණු තරඟයක් පැවතුණි. කෙසේ වෙතත් යුධ හමුදාවේ දිලීප් ප්රවභාත් ප්රරථමයෙන් දෙවන කඩඉම පසු කළ අතර, ඉසුරු ප්රයභාත් (ගුවන් හමුදාව), දනුෂ්ක කුමාර (ඩී.එම්.සී.සී) සහ සනත් ජයසිංහ (යුධ හමුදාව) පිළිවෙලින් ස්ථානයන් ලබා ගැනීමට සමත් වූහ.

ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරියට හිමි විය. දෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ දිනේෂ් ධනුෂ්කට හිමි වූ අතර තෙවැනි ස්ථානය යුධ හමුදාවේ ලසන්ත හරිස්චන්ද්රයට හිමි විය. මෙහිදී තරඟ අවසානයේ ධජ සංඥාව ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල විසින් ලබා දෙන ලදී.

සමස්ථ තරඟාවලියේ ප්‍රතිඵල

පළමුවන ස්ථානය  - බුද්ධික වර්ණකුලසුරීය      (ගුවන් හමුදාව)
           11:25:18
දෙවන ස්ථානය     - දිනේෂ් දනුෂ්ක               (ගුවන් හමුදාව)
           11:25:20
තෙවන ස්ථානය    - වසන්ත හරිස්චන්ද්ර         (යුධ හමුදාව)              11:26:18
සිව්වන ස්ථානය    - දීපාල් සිල්වා                  (සුපර් වීලර්ස්)            11:26:18
පස්වන ස්ථානය    - සුවාරිස් ප්රේ මචන්ද්ර       (ඩී.එම්.සී.සී)             11:26:20

වේගවත්ම කඩඉම ජය ලද්දෝ...

පළමුවන ස්ථානය  - ජීවන් ජයසිංහ                  (ගුවන් හමුදාව -A)       28
දෙවන ස්ථානය     - දිනේෂ් දනුෂ්ක                 (ගුවන් හමුදාව -B)       17
තෙවන ස්ථානය    - හේමන්ත කුමාර               (නාවික හමුදාව -A)      10
සිව්වන ස්ථානය    - බුද්ධික වර්ණකුලසුරීය        (ගුවන් හමුදාව -A)       10
පස්වන ස්ථානය    - සනත් ජයසිංහ                  (යුධ හමුදාව -B)         10

සමස්ථ කණ්ඩායම් ප්‍රතිඵල

නාවික හමුදාව     - ඒ
ගුවන් හමුදාව      - බි
යුධ හමුදාව         - ඒ
නාවික හමුදාව     - බි
ගුවන් හමුදාව      - ඒ   
    
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි