සීදුව ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සුභසාධක සංගමය සඳහා කටුනායක සේවා වනිතා ඒකකය නැවුම් සහ වියලි සලාක පරිත්‍යාග කරයි
2:59pm on Wednesday 6th October 2021
රටේ පවතින කොවිඩ් -19 වසංගත තත්වය අවබෝධ කරගෙන ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණ මහත්මිගේ සංකල්පයකට අනූව  සීදුව, ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සුභසාධක සංගමය සඳහා නැවුම් සහ වියලි සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2021 ජුනි මස 21 වන දින  කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලදි.

කටුනායක සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය විසින් එම භාණ්ඩ නිල වශයෙන් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කාන්තාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනිය වෙත භාර දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා දක්ෂිණ ගුවන් හමුදාපති සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නිලධාරී අණදෙන කඳවුරු සේවා  විංග් කමාන්ඩර් ආර් එම් ඒ පී ආර් දසනායක සහ කටුනායක සේවා වනිතා ඒකකය භාර නිලධාරී පලයිට් ලෙෆ්ටිනන් කේඑස්බී ඇන්තනි යන අය සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි