බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාඨමාලාවේ ලංඡන පැළඳවීම
3:04pm on Wednesday 6th October 2021
පාලවිය ගුවන් හමුදා කඳවුරු බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසල මගින් පවත්වන ලද අංක 56-  ගුවන්භට සහ අංක 31 නාවික භටයින්ගේ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ මූලික පුහුණු පාඨමාලවන්ගේ නිළ ලාංඡන පැළඳවීමේ පෙළපාලිය 2021 ජුනි මස 22 වන දින පාලවිය ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.  භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී එයාර් කොමඩෝර් එස්ඩී කොටගේ ආර්ඩබ්ලිව්පී, යූඑස්පී ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව සාර්ථකව හදාරා නිමකරන ලද නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු (02) , ගුවන් භටයින් 11 ක් සහ නාවිකයින් පස් දෙනෙකු (05) සහතික පත් සහ නිළ ලාංඡන ලබාගන්නා ලදී.

ලුතිනන් එච්ඩීඑන් ප්‍රශාද් (එස්බීඑස්) සෑම අතින්ම දක්‍ෂතම නිලධාරියාට හිමි සම්මානය ලබාගත් අතර නායක ගුවන් භට රණතුංග එච්එස් සෑම අතින්ම දක්‍ෂතම ගුවන් භටයාට හිමි සම්මානය දිනා ගන්නා ලදී.


BEST ALL-ROUND OFFICER
Lieutenant HDN Prashad (SL Navy - SBS)

BEST ALL-ROUND AIRMAN
Leading Aircraftman Ranathunga HS

BEST ALL –ROUND IED FABRICATER
Lieutenant HDN Prashad (SL Navy - SBS)

BEST STUDENT IN ACADEMICS
Leading Aircraftman Sandakelum HHN

BEST STUDENT IN PRACTICAL
Leading Aircraftman Ranathunga HS

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි