ගුවන් ශිෂ්‍යභටයින්ව උණුසුම්ව පිළිගනී
1:13pm on Thursday 17th February 2011
යාපනය, මඩකලපුව ඇතුළුව දිවඉනේ නන් දෙසින් පැමිණි පාසල් ගුවන් ශිෂ්‍යභට සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් බාලදක්ෂ කදවුරක් ගුවන් හමුදා දියතලාව කදවුරේදී පසුගියදා (07) දින පැවැත්විණ.

පාසැල් හතලියකට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින්
ශිෂ්‍යභට සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයකි. එසේම ප්‍රතම වථාවට යාපනය කොකාවිල් හින්දු විද්‍යාලය හා මඩකලපුව මුස්ලිම් විද්‍යාල මෙම අවස්ථාවට සහභාගිවීම කැපී පෙනෙන සිදුවීමක් විය.

මෙම
ශිෂ්‍යභට කදවුරට සහභාගී වූ සියළුම සාමාජිකයින් කදවුරු අනදෙන නිළධාරී ගෲප් කපිතාන් ලංකා කොඩිප්පිලි හා පුහුනු පක්ෂාංග අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් අනුරුද්ධ විජේසිරිවර්ධන යන අය විසින් පිළිගන්නා ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි