ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් චීන සිනෝෆාම් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම සිදු කරයි.
11:34am on Friday 29th October 2021
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම සඳහා එන්නත් මධ්‍යස්ථාන හතරක් 2021 අගෝස්තු මස 08 වන දින ස්ථාපනය කරන ලදී.

එහිදී පහත සඳහන් එන්නත් මධ්‍යස්ථාන ස්ථාපිත කර සාමාන්‍ය ජනතාව එන්නත් කිරීම ආරම්භ කරන ලදී.

           බොරැල්ලල තනියාගම දෙමළ විද්‍යාලයල - කොළඹ කඳවුර මගින් ක‍්‍රියාත්මක කරයි.
           කටුනායක මේජර් රාජ් ප්‍රනාන්දු පිටිය - කටුනායක කඳවුර මඟින් ක‍්‍රියාත්මක කරයි.
           කටුනායක ගුවන් හමුදා කඳවුරේ උප ආරක්ෂක මැදිරිය ඉදිරිපිටදී - කටුනායක කඳවුර මඟින් ක‍්‍රියාත්මක කරයි.
           ඒකල දඹුව බෝධිරුක්ඛාරාම විහාරස්ථානය - ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල කඳවුර මඟින් ක‍්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් චීන සිනෝෆාම් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීමේ මධ්‍යස්ථානයන්හි සාර්ථකව එන්නත්කරනය සිදු කල අතර 2021 අගෝස්තු මස 08 සහ 09 යන දින යන්හි කොළඹ, කටුනායක, රත්මලාන, ඒකළ යන ප‍්‍රදේශයන්හි පිහිටි ගුවන් හමුදා එන්නත්කරණ මධ්‍යස්ථාන මගින් පුද්ගලයින් 9500 අධික පිරිසකට චීන සිනෝෆාම් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීමට කටයුතු කරන ලදී.

Colombo

Katunayake

Ratmalana


Ekala
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි