ගුවන් හමුදා පියාසර පුහුණු පක්ෂාංගය සිය 70 වන සංවත්සරය අභිමානවත්ව සමරනු ලබයි.
12:23pm on Friday 29th October 2021
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය අද දින (2021 සැප්තැම්බර් මස 01) වන දින තම 70 වන සංවත්සරය අභිමානවත්ව සමරනු ලබයි. වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් ඇතුලු ගුවන් නිමුවන් රාශියක් මෙන්ම ගුවන් නියමු උපදේශකවරුන් රාශියක්  ලක් මවට දායාද කරන ලද ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙය ලෙස හැදින්වෙන ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය 1951 සැප්තැම්බර් මස 01 වන දින ප‍්‍රථම පියාසර පුහුණු පාසැල ලෙස එවකට කටුනායක රාජකිය ලංකා ගුවන් හමුදා කදවුරේ ස්ථාපිත කරන ලදි.

මෙම පක්ෂාංගය මගින් ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා ප‍්‍රථමයෙන් 1951 වසරේදි කැනේඩියානු රජයෙන්  චිප්මන්ක් ගුවන් යානා 04 ක් මිලදි ගත් අතර අනතුරුව 1952 හා 1953 වසර වලදි පිළිවෙලින් බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදිත එයාර් ස්පීඞ් ඔක්ස්ෆෝර්ඞ් ගුවන්යානා 03 ක් හා චිප්මන්ක්  ගුවන් යානා 5 ක් මිලදි ගනිමින් පියාසර පුහුණු ධාරිතාවය වැඩිකර ගැනිමට පියවර ගන්නා ලදි. 1954 දි මෙම පක්ෂාංගයේ හැරවුම් ලක්ෂය බවට පත් වෙමින් බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදිත බැලියෝල්  ගුවන් යානා 06 ක් පක්ෂාංගයට එකතු වීමත් සමග පියාසර මුලික පුහුණුව පමණක් සිදු කරනු ලැබු අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය උසස් පියාසර පුහුණු කිරිමි ආරම්භ කරන ලදි. තවද වර්ෂ 1955 වර්ෂයේදී ස්කොට්ලන්තයෙන් නිෂ්පාදිත ප්‍රෙස්ට්වික් පයිනීර්  හා බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදිත DH 104 Dove නම් වූ තවත් ගුවන් යානා 02ක් ද අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයට එක් කර ගන්නා ලදි.

1959 වසරේදී බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදිත හන්ටින් ජෙට් ප්‍රොවෝස්ට් ගුවන් යානා 12 ක් මෙම පුහුණු පක්ෂාංගයට එක් කර ගැනිමත් සමග ශ‍්‍රී ලංකාවේ පළමු ජෙට් යානා පුහුණු බලඝන ලෙස ඉතිහාසගත විය. චිප්මන්ක් ගුවන් යානා පියාසර කටයුතු වලින් ඉවත් කිරීමත් සමග වර්ෂ 1970 වසරේදී සෙස්නා 150 ගුවන් යානා 06 ක් පුහුණුවීම් කටයුතු සඳහා ඇතුළත් කර ගන්නා ලදි. එමෙන්ම 1984 වර්ෂයේදී පුහුණු හා මෙහෙයුම් අවශ්‍යතා සඳහා සියායි මර්වටී වෝරියර් වර්ගයේ ගුවන් යානා 03 ක්, සියායි මර්චටී 260 වර්ගයේ ගුවන් යානා 03 ක් හා සෙස්නා 337 ස්කයි මාස්ටර් වර්ගයේ ගුවන් යානා 03 ක් වශයෙන් නව ගුවන් යානා වර්ග 03 ක් ඇතුලත් කර ගන්නා ලදි. තවද වර්ෂ 1992 දී ආර්ජන්ටිනාවේ අයිඒ 58 පුකාරා  නැමැති ගුවන් යානය ගුවන් හමුදාවට එකතු වීමත් සමග මෙම පක්ෂාංගයේ මෙහෙයුම් හැකියාව තව තවත් වැඩි දියුණු විය.

2001 වසරේදි චීනයේ නිෂ්පාදිත PT- 6 ගුවන් යානාවන් 06 ක් මෙම බලඝණයට ඒක්වීමත් සමග ගුවන් නියමුවන්ගේ පුහුණුවීම් කටයතු උසස් අන්දමින් සිදු කිරිමට හැකි වු අතර වර්ථමානය වන විට මුලික පුහුණුවීම් කටයුතු සදහා පීටී- 6 වර්ගයේ ගුවන් යානවන් හා සෙස්නා 150 ගුවන් යානාවන් යොදා ගනු ලබන අතර 2010 වර්ෂයේ අංක 14 ගුවන් යානා බලඝණය, අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය සමග ඒකාබද්ධ වීමත් සමග චීනයේ නිෂ්පාදිත  K-8 ගුවන් යානාවන්ගෙන් ද සන්නද්ධ වු අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය, උසස් නියමු හා ප‍්‍රහාරක නියමු පුහුණු කිරිම් K-8 වර්ගයේ ජෙට් ගුවන් යානා යොදා ගනිමින් සිදු කිරිම ආරමිභ කරන ලදි. ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සතු එකම ගුවන් කරනම් කණ්ඩායම ලෙස බිලු ඊගල්ස් ගුවන් කරනමි සංදර්ශන කණ්ඩායම් බිහිකිරිමට ද මෙම පක්ෂාංගයට හැකි වු අතර ඒ සදහා PT-06 වර්ගයේ ගුවන් යානාවන් යොදා ගැනිම සිදු කරන ලදි.

වර්ෂ 1963 දි මෙම පක්ෂාංගය ගුවන් හමුදා චිනවරාය විද්‍යාපිඨ කදවුරේ ස්ථාපිත කල අතර 1988 වර්ෂයේදි රටෙි පැවති ආරක්ෂක තත්වය හේතුවෙන් අනුරාධපුර ගුවන් හමුදා මුලික කදවුර වෙත රැගෙන ගිය අතර අනතුරුව මානුෂිය මෙහෙයුම අවසන් විමෙන් පසු ගුවන් හමුදා චිනවරාය විද්‍යාපිඨ කදවුරේ නැවත ස්ථාපිත කරන ලදි. ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය විසින් අභිමානවත් 70 වසරක පෞඩ ඉතිහාසයකට උරුමකමි කියන ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවෙි සුරකිමු ලකඔර උදෘත පාඨය යථාර්තයක් බවට පත් කිරිමෙි සුවිශේෂි මෙහෙවරක් සිදු කරනු ලබන අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය 2000 වර්ෂයේදි ජනාධිපති වර්ණයන්ගෙන්ද පිදුමි ලබා ඇත.

මෙම පක්ෂාංගයේ ප‍්‍රථම අණදෙන නිළධාරිතුමන් ලෙස රාජකිය ගුවන් හමුදාවෙි ෆ්ලයින් ලෙෆ්ටින්ට් නොර්මන් ලූෂ් කටයුතු කළ අතර වර්ථමාන අණදෙන නිළධාරිතුමන් ලෙස විංග් කමාන්ඩර් දිනේෂ් කසාගල කටයුතු කරනු ලබයි.

මෙම පක්ෂාංගය මගින් මුලික ගුවන් ගමනාගමන පාලන පාඨමාලා, පියාසර උපදේශක පාඨමාලා ඇතුලු පාඨමාලා රැසක් කි‍්‍රයාත්මක කරනු ලබන අතර පියාසර පුහුණු ආයතනයකින් අපේක්ෂා කරනු ලබන සියලු ප‍්‍රමිතින්ට අනුකුලව කටයුතු කරනු ලබන ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය වර්ථමානය වන විට දක්ෂ ගුවන් නියමුවන් 350 කට අධික පිරිසක් ලක්මවට දායාද කර ඇත.

පුහුණු පක්ෂාංගයේ අණදෙන නිළධාරී තුමන්ගේ් හා සේවා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් විද්‍යාපීඨ විහාරස්ථානයේ පැවති බෝධි පූජාවකින් අනතුරුව  බණ වැඩසටහනකින් දිනය නිමා විය. සංවත්සරය සැමරීම ගුවන් හමුදා මූලස්ථානය විසින් නිකුත් කරන ලද කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි