ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්‍ෂාංගය සිය 12 වැනි සංවත්සරය සමරයි
9:39am on Saturday 6th November 2021
කටුනායක ගුවන් හමුදා කඳවුරේ රේඩාර් නඩත්තු පක්‍ෂාංගය සිය 12 වන සංවත්සරය ඊයේ (2021 සැප්තැම්බර් 20) සමරනු ලැබීය. සැමරුම් උත්සවයට සමගාමීව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා ගුවන් හමුදා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව බෝධි පූජා පිංකමක් සංවිධානය කරන ලදී.

රේඩාර් නඩත්තු පක්‍ෂයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආසිරි එලේගොඩ ඇතුලු පක්‍ෂාංගයේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය මෙම බෝධිපුජා පිංකම සදහා සහභාගි වු අතර අනතුරුව පක්‍ෂාංග පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී.

රේඩාර් නඩත්තු පක්‍ෂාංගය 2009 සැප්තැම්බර් 20 වැනි දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පිහිටුවන ලද අතර එය ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ ප්‍රධාන නඩත්තු අංශය බවට පත්ව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි