ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අංක 15 පාඨමාලාව හදාරණ නිළධාරීන් අමතයි.
12:12pm on Sunday 26th December 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා 2021 දෙසැම්බර් මස 04 වන දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අංක 15 පාඨමාලාව හදාරණ නිළධාරීන් අමතන ලදී.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ  පීඨාධිපති මේජර් ජෙනරල් අයිඑච්එම්එන්එන් හේරත් මහතා විසින් ගුවන් හමුදාපතිිතුමන් පිළිගත් අතර ගුවන් හමුදාපති තුමන් පිලිබද  හැඳින්වීමක් ද මෙහිදි පීඨාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.   පසුව ගුවන් හමුදාපතිතුමන් විසින් අංක 15 පාඨමාලාව හදාරණ නිළධාරීන් අමතන ලදි.

මෙම අවස්තාවට ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වු අතර උත්සවයේ වැඩ කටයුතු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද රජයේ සෞඛ්‍ය නීති රීති වලට  අනුකූලව සිදු කෙරුණි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි