ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම නවසිලන්තයේ සංචාරයක
10:51am on Monday 21st March 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම පුරා සති තුනක් එනම් 2011 පෙබරවාරි මස 16 සිට මාර්තු 05 දක්වා නවසිලන්තයේ සංචාරයක නිරතව සිට නැවත මව්බිම බලා පැමිණ සිටි. එහිදී ගුවන් හමුදා රග්බි කණ්ඩායමට නවසිලන්ත රග්බි කණ්ඩායම සමග තරඟ කිරීමට හැකි වීම විශේෂත්වයකි. මෙම තරඟාවලිය ඔක්ලන්ඩ්හි පිහිටි රාජකීය ගුවන් හමුදා ප්‍රධාන කඳවුරේ පැවැත්විණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම ප්‍රථම වතාවට නවසිලන්ත කණ්ඩායමක් සමග තරඟයකට සහභාගි වුයේ  පසුගිය වසරේදීය. එනම් නවසිලන්තයේ පැවති ආරක්ෂක සේවා තරඟාවලියෙදී රාජකීය නාවික හමුදා කණ්ඩායමත් සමගයි. මෙම තරඟාවලිය නවසිලන්තයේ ඩෙවොන්පෝට් නාවික හමුදා කඳවුරේදී පැවැත්විණ.

තරඟය ආරම්භ කිරීමට පෙර ක්‍රිස්ට්චර්ච්හි ඇති වූ භූමිකම්පාවට හසුව මිය ගිය ජනතාව සිහි කරමින් විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක්ද, අනතුරුව රටවල් දෙකේ ජාතික ගීය වාදනය කරන ලදී.

ඉන් අවතුරුව මෙම තරඟය ආරම්භ විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ලකුණු 07කින් එනම් 36ට 29 ලෙස තරඟය ජයග්‍රහණය කරන ලදී.

කොප්‍රල් චානක චන්දිමාල්, තරඟයේ වීරයා ගුවන් භට මලින්ද ජයසිංහ, ගුවන් භට චානක ගුණරත්න, ගුවන් භට මිගාර විජේරත්න, නායක ගුවන් භට පුබුදු කොදාගොඩ, මිතුන් හපුගොඩ සහ චරිත් සෙනවිරත්න යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂ ලෙස ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගි වූ දෙවැනි තරඟයෙදී, එනම් නවසිලන්ත රාජකීය ගුවන් හමුදා කණ්ඩායම සමග තරඟයෙන් 18ට 16 ලෙස පරාජය හිමි විය.

තවද ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ සභාපති එයාර් කොමදෝරු විජිත ගුණරත්නගේ නායකත්වයෙන්, පුහුණුකරු ඉම්තිසාම් මරික්කාර්, බලපංති ලුතිනන් දිනේෂ් වීරරත්න, සැරයන් ධම්මික මැදගෙදර (සභාපති ), බලපංති සැරයන් කපිල මුණසිංහ සහ කොප්‍රල් ඉර්ෂාද් කාදර් යන අයගේ සහභාගීත්වයෙන් මෙම සංචාරය සාර්ථකව නිම විය.

තරඟාවලිය අවසානයේදී නවසිලන්ත 'ඕල් බ්ලැක්ස් - 1987 සිට 1990 දක්වා' කණ්ඩායමේ පුහුණුකරු වන බක් සෙල්ෆෝඩ් ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි ක්‍රීඩකයින් දක්ෂ ලෙස ක්‍රීඩා කළ බවට පැවසීය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි