ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීට ගොඩබිම් පුහුණු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
9:43am on Friday 17th March 2023
චීන වරාය ගුවන් හමුදා කඳවුරු ගොඩබිම් පුහුණු පක්‍ෂාංගයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය 2023 මාර්තු 08 වන දින පවත්වන ලද අතර එහිදී පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්එම්සී හේරත් විසින් ගෲප් කැප්ටන් ඩීඑස්එස් සෙනෙවිරත්න වෙත නව තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්.එම්.සී හේරත් නිළධාරීතුමන් ගුවන් හමුදා සීගිරිය කදවුරේ අණදෙන නිළධාරී ලෙස වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී.එස්.එස් සෙනෙවිරත්න නිළධාරීතුමන් ගුවන් හමුදා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ පුහුණු පක්‍ෂයේ අණදෙන නිළධාරියා ලෙස පත් කිරීමට පෙර ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 27 රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිළධාරීවරයා ලෙස සේවය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි