දකුණු ආසියානු තරඟාවළියේ පළමු ශ්‍රී ලංකා රන් පදක්කම ගුවන් හමුදාවෙන්..
2:33pm on Monday 1st February 2010
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ කමල් බන්ඩාර විසින් 11වන දකුණු ආසියානු තරඟාවළියේ ශ්‍රි ලංකාව ලබා ගත් පළමු රන්  පදක්කම ලබා ගැනීමට සමත්කම් දක්වන ලදී. ඔහු විසින් මෙම දස්කම දක්වන ලද්දේ බර ඉසිලීමේ තරඟාවළියේදී කිලෝ ග්‍රෑම් 56 බර පන්තිය යටතේ තරඟ වදිමිනි. 

මෙවර  තරඟාවළිය බංගලාදේශයේ ධකා අගනුවර පවත්වනු ලබන අතර ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඒ සඳහා සහභාගී වී සිටියි. රන් පදක්කමට හිමිකම් කියූ කමල් බන්ඩාර හට ගුවන් හමුදාවේ උණුසුම් සුභ පැතුම්.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි