එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ සවුත් වෙස්ට් මෝන්සූන් ගොල්ෆ් 2023 තරගාවලියේදී කල්කටා පදක්කමෙන් පිදුම් ලබයි
9:43pm on Friday 22nd September 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාඡය සත්කාරකත්වය දරන සවුත් වෙස්ට් මෝන්සූන් ගොල්ෆ් තරගාවලිය-2023 හි ගොල්ෆ් ක්‍රීඩාවේ විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළේය. ඔහුගේ විශිෂ්ට දස්කම් අගයමින් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතාට තරගාවලියේදී කල්කටා පදක්කම පිරිනමන ලදී.

කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ නායක ආචාර්ය රෝහිත සිල්වා විසින් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ වෙත කල්කටා පදක්කම පිරිනමන ලදී. මෙම තරඟාවලිය සඳහා දේශීය හා විදේශීය ගොල්ෆ් ක්‍රීඩකයින් 144 දෙනෙකු සහභාගී විය.

කල්කටා පදක්කමේ ඉතිහාසය ආරම්භ වන්නේ 1888 දී කොළඹ ගොල්ෆ් ක්‍රීඩා සමාජයට යන්තම් වසර නවයක් පිරෙන විටය. එය මුලින් ඉදිරිපත් කරන ලද්දේ කල්කටා ගොල්ෆ් සමාජය විසිනි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි