ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර වෙත නව අණදෙන නිලධාරිවරයෙක් පත්කරන ලදී.
12:59pm on Tuesday 31st October 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ නව අණදෙන නිලධාරි තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 ඔක්තෝම්බර් 25 වන දින කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් පිඑසසඑන් ප්‍රනාන්දු නිලධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් සී වික්‍රමරත්න වෙත නව තනතුර භාර දෙන ලදී.

නික්මයන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සුරේෂ් ප්‍රනාන්දු නිලධාරීතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සුබසාධන තනතුර භාරගැනීමට නියමිතව ඇත. නව වැඩබලන අණදෙන නිලධාරී එයාර් කොමදෝරු චමින්ද වික්‍රමරත්න මහතා කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි තනතුර භාරතැනීමට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ විනයාරක්ෂක මාන්ඩලික නිළධාරී තනතුරේ සේවය කර ඇත.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි