පිටකොටුවේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදාව කොළඹ කදවුරේ ගිනි නිවන ඒකකය සහාය වෙයි
12:20pm on Thursday 2nd November 2023
2023 ඔක්තෝබර් 27 වන දින උදෑසන කොළඹ, පිටකොටුව 2 වන හරස් වීදියේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හදිසි ප්‍රතිචාර ගිනි මෙහෙයුමක් දියත් කරන ලදී.

කොළඹ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ 7ක මූලික ප්‍රයත්නයන්ට අමතරව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රතිචාර ලෙස ගිනි නිවන භටයින්, ගිනි නිවන රථ සහ රෙජිමේන්තු නිලධාරීන් කණ්ඩායමක් සහ ආපදා සහය සහ ප්‍රතිචාර කණ්ඩායම  සමඟ කොළඹ ගුවන් හමුදා කඳවුරේ සිට එම ස්ථානයට යොදවන ලද අතර ගොඩනැගිල්ල තුළ සිරවී සිටි පුද්ගලයින් 17 දෙනෙකු ආරක්ෂිතව බේරා ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි