ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල 10 වැනි සංවත්සරය සමරයි
12:09pm on Friday 10th November 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීජීජීබී පියසිරි නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ සමාජීය සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක් සමගින් 2023 නොවැම්බර් 07 වන දින සිය 10 වන සංවත්සරය සමරන ලදී.

චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් අනතුරුව දින සැමරුම ආරම්භ වූ අතර, එය අණදෙන නිලධාරිතුමන් විසින් සමාලෝචනය කරන ලදී. අණදෙන නිළධාරීතුමන් විසින් කඳවුරේ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමට දායක වීමට කැපවූ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත සිය කෘතඥතාවය පළ කළ අතර රෙජිමේන්තු පුහුණු පාසලේ අනාගත අපේක්ෂාවන් සඳහා විනය, දැඩි පුහුණුව සහ මෙහෙයුම් සූදානමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

පෙළපාලියෙන් අනතුරුව සර්ව ආගමික උත්සවයක් ද පවත්වනු ලැබූ අතර  සියලු නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව උදෑසන භොඡන සංග්‍රහයකටද සහභාගී විය. සංවත්සර උත්සවයට සමගාමීව මන්නාරම මඩු අප ස්වාමිදූගේ ජාතික සිද්ධස්ථානයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 ඔක්තෝබර් 27 වන දින පුද්ගලයින් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

මීට අමතරව, රුධිර පරිත්‍යාගශීලීන්ගේ හිඟයකට මුහුණ දී සිටින මන්නාරම මහ රෝහලේ රුධිර බැංකුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව 2023 ඔක්තෝබර් 01 දින ලේ දන්දීමේ වැඩසටහනක් කදවුරු පරිශ්‍රයතුල සංවිධානය කරන ලදි. විවිධ අංශවල කාර්ය මණ්ඩල සාමාජිකයින් 86 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහනට සාර්ථකව සිදුකරන ලදී. නිලධාරීන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ක්‍රීඩා පිටියේ දී පැවති සුහද ක්‍රිකට් තරඟාවලියකින් අනතුරුව දිවා භෝජන සංග්‍රහයකින් සංවත්සර දින සැමරුම අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි