එක්සත් ජනපදයේ ආරක්ෂක නිලධාරීන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
12:11pm on Friday 10th November 2023
රියර් අද්මිරාල් ලෝවර් හාෆ් ජෙරොම් විලියම් මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත පිරිස 2023 නොවැම්බර් 08 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය. ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් චමින්ද වික්‍රමරත්න විසින් දූත පිරිසේ ප්‍රධානියා පිළිගන්නා ලදී.

ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම වැනි අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවකින් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණ සිටි ප්‍රභූන් අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි