කටුනායක ගුවන් හමුදා කඳවුරේ උපකරණ ප්‍රතිපාදන සහ ගිණුම්කරණ ඒකකය 13 වැනි සංවත්සරය සමරයි
1:27am on Sunday 7th January 2024
කටුනායක ගුවන් හමුදා උපකරණ ප්‍රතිපාදන සහ ගිණුම්කරණ ඒකකයේ (EP&AU) අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර්.එම්.එල් රන්දෙණිය නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ 2023 ජනවාරි 01 දින සිය 13 වන සංවත්සරය සමරන ලදී.

 විංග් කමාන්ඩර් කේ.ආර්. එරමුදුගොල්ලගේ නිළධාරීතුමාගේ අණ යටතේ 2011 ජනවාරි 01 වන දින මෙම ඒකකය ස්ථාපිත කරන ලදී. එතැන් සිට මේ දක්වා අණදෙන නිලධාරීන් 14 දෙනෙකු ඒකකයට අණ දී ඇත.

මෙම ඒකකයේ 13 වැනි සංවත්සරයට සමගාමීව, සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් උත්සවයක් පවත්වන ලද අතර, ඒ සඳහා සැපයුම් අධ්‍යක්ෂ ජනරාල්, එයාර් වයිස් මාර්ෂල් එස්.එම්.එස්.පී. කොස්වත්ත සහ ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිළධාරී  එයාර් වයිස් මාර්ෂල් එස්.ඩී.ජී.එම්. සිල්වා  යන නිළධාරීන්ද සහභාගී විය.

තවද, චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය 2024 ජනවාරි 01 වන දින ඒකක පෙළපාළි පිටියේදී පවත්වන ලද අතර, එය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර්.එම්.එල් රන්දෙණිය විසින් සමාලෝචනය කරන ලද අතර, අනතුරුව නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතමින් ඔහු සිය කෘතඥතාවය පළ කළේය. ඒකකයේ පවතින සාර්ථකත්වය පවත්වා ගැනීම සඳහා කරන ලද දායකත්වය සඳහා ඒකකයේ සියලුම සාමාජිකයින්. එම ඒකකයේ සාර්ථකත්වයට දායක වූ සියලු දෙනාම කෘතවේදීව සිහිපත් කළේය. පෙළපාලියෙන් අනතුරුව ඒකක පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී.

සැමරුම් උත්සවයේ අවසානය සනිටුහන් කරමින්, අණදෙන නිළධාරී සහ කාර්ය මණ්ඩලය, වැඩිහිටියන්ගේ වෙනුවෙන් වියළි සලාක මල්ලක් පරිත්‍යාග කිරීම සඳහා ගම්පහ, මකවිට, ඉසබෙලා වැඩිහිටි නිවාසයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි