නවීන පහහසුකම් සහිත නව ගුවන් හමුදා මුලස්ථානය ජනාධිපතිතුමන් විසින් විවෘත කරයි
3:30pm on Tuesday 9th January 2024
වර්ෂ 1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග ශ්‍රි ලංකාව තුල ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය සිදුවිය. ඉන් අනතුරුව 1972 මාර්තු 02 වන දින ශ්‍රි ලංකාව ජනරජයක් බවට පත්විමත් සමග රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට පත්වන ලදි. "සුරකිමු ලකඹර"උදෘත පාඨය කර ගනිමින් පුරා වසර 72 ක පෞඩ ඉතිහාසකයකට උරුමකම් කියන ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුවහන් කරමින් නව ශ්‍රි ලංකා ගුවන් හමුදා මුලස්ථානය විවෘත කිරිම  ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ජනාධිපති  සහ සන්නද්ධ සේවා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් අද දින (2024 ජනවාරි 01 වන දින ) සිදු කරන ලදි.

ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරිමේ අරමුණින් යුතුව ඉදිකරනු ලැබු මෙම නව ගුවන් හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරිම 2011 වර්ෂයේදි අරමිභ කරනු ලැබු අතර අති නවීන යටිතල හා තාක්ෂණික පහසුකම් මෙන්ම ආරක්ෂක ක්‍රමවේදයන්ගෙන් පරිපූර්ණව ඉදිකරනු ලැබු මෙම ගුවන් හමුදා මුලස්ථානය මගින් ගුවන් හමුදාවේ දැක්ම හා මෙහෙවර අප දේශයේ උන්නතිය වෙනුවෙන් ඉදිරියේදි ඉතා කාර්ෂක්ෂමව ඉටුකරලිමට සමත්වනු ඇත.  

මෙම  ත්‍රිවිධ හමුදා මූලස්ථානය ඉදිකිරිමේ ව්‍යාපෘති අධික්ෂණ අධ්‍යක්ෂක ලෙස එයාර් වයිෂ් මාර්ෂල් රෝහාන් පතිරගේ කටයුතු කරනු ලැබු අතර ගුවන් හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරිමේ ජේෂඨ ව්‍යාපෘති සමිබන්ධිකරණ නිළධාරි ලෙස අධ්‍යක්ෂක සිවිල්, ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු එයාර් කොමඩෝර් සුමේධ සිල්වා නිළධාරිතුමන් කටයුතු කරන ලදි. නව ගුවන් හමුදා මුලස්ථානය ඉදිකිරිමේ කටයුතු සදහා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකට අයත් වෘත්තීය ඉංජිනේරු නිළධාරින් 14 දෙනෙකු  හා ඉදිකිරිම් අංශයේ  පුහුණුවලත් ගුවන් හමුදා සාමාජිකයින් 1400 දෙනෙකු පමණ සහභාගි විය. මෙම ත්‍රිවිධ හමුදා මූලස්ථානය ඉදිකිරිමේ ගෘහ නිර්මාණ ශිල්පය සෙන්ට්‍රල් ඉංජිනියරින් කන්සල්ට්න්සි බියුරෝ (Central Engineering Consultancy Bureau) අයතනය විසින් සිදු කර ඇත.

 ගුවන් හමුදා මුලස්ථානය විවෘත කිරිමේ උත්සවය සදහා ගුවන් හමුදා මුලස්ථානයට පැමිණි ගරු ජනාධිපතිතුමන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් පිළිගනු ලැබු අතර අනතුරුව ජනාධිපතිතුමන් වෙත ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් උත්තමාචාර පෙළපාලියක් ද පවත්වනු ලැබිය. ඒ සමග ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ගරු ජනාධිපතිතුමන් වෙත තම උත්චාරය පුදකරමින් ඉහල අහසේ පියාසර කිරිම සිදු කරන ලදි.

උත්තමාචාර පෙළපාලියෙන් අනතුරුව ගරු ජනාධිපතිතුමන් විසින් ගුවන් හමුදා මූලස්ථානය සුභ මොහොතින් නිළ වශයෙන් විවෘත කරනු ලැබු අතර මෙම අභිමානවත් අවස්ථාව සදහා මාර්ෂල් ඔෆ්  ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍යය ආරක්ෂක අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අරක්ෂක අමාත්‍යංශයේ ලේකමි විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශාවේන්ද්‍ර සිල්වා,  යුධ හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා මෙන්ම හිටපු ගුවන් හමුදාධිපතිවරුන්, රාජකිය ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිළධාරින් ඇතුලූ ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරින් හා සෙසුනිළයන් පිරිසක් සහභාගි විය.  

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි