සර්ව රාත්‍රීක පිරිත් සජ්ඣායනාවේ ආශිර්වාදයෙන් ගුවන් හමුදාවට නව වසරක් වේවා
3:53pm on Tuesday 9th January 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ පිරිත් සජ්ඣායනය අභිනවයෙන් විවෘත කරන ලද ගුවන් හමුදා මූලස්ථානය, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී 2024 ජනවාරි 01 පැවැත්විණි. මෙම උත්සවයේ අරමුණ වූයේ ගුවන් හමුදාවේ සියලුම නිලධාරීන්ට, ඔවුන්ගේ පවුල්වලට, මියගිය ගුවන් රණවිරුවන්ට සහ සමස්ත ජාතියට ආශිර්වාද ලබා දීමයි.

 උත්සවය ආරම්භ වීමට ප්‍රථමයෙන් විචිත්‍රවත් පෙරහැරකින් ‘ධාතු මන්දිරය’ (කරඩුව) ගුවන් හමුදා මූලස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් පිරිත් මණ්ඩපයේ තැන්පත් කරන ලදී. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ උප විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිරිත් සජ්ඣායනය පැවැත්විණි.

 සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනායක මහා ස්වාමින් වහන්සේගේ ප්‍රධාන මහා සංඝරත්නය උදෙසා උත්සවයෙන් අනතුරුව 2024 ජනවාරි 02 උදෑසන දානමය පිංකමක් සංවිධානය කරන ලදී.

 වැඩබලන පොලිස්පති, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, හිටපු හමුදාපතිවරුන්, ජාතික ආරක්ෂක විද්‍යාලයේ සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරීවරුන්, යුධ සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සාමාජිකයින් සහ ගුවන් හමුදාවේ විශ්‍රාමික අධ්‍යක්ෂ ජනරාල්වරුන්.ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවට සහභාගි වූහ.

 මීට අමතරව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්, කඳවුරු අණදෙන නිළධාරීන්, අණදෙන නිළධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිත් සජ්ඣායනය සහ දානමය පිංකම් දෙක සඳහා සහභාගී වූහ.

Pirith Chanting

Almsgiving
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි