ශ්‍රී ලංකා ගුවන් හමුදාව 'මිත්‍රත්වයේ පියාපත්' නමින් පාසල් ප්‍රතිසංස්කරණ සමාජ බලමුලු ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි
2:02pm on Sunday 21st January 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එළැඹෙන මාර්තු මස 02 වැනි දින සැමරීමට නියමිත 73 වැනි සංවත්සරයට සමගාමීව  “මිත්‍රත්වයේ පියාපත්” නමින් වැදගත් සමාජ බලමුලු ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. උතුරු සහ උතුරු මැද පළාත්වල තෝරාගත් පාසල් 73 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ පහසුකම් වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය උතුරු පළාත් ආණ්ඩුකාර  පිඑස්එම් චාල්ස් මැතිනිය සහ ගුවන් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 ජනවාරි 06 කන්කසන්තුරේ මයිලිඩ්ඩි උතුර කලෙයිමගල් මහා විද්‍යාලයේදී සිදු කරන ලදී.

මෙම මහගු ප්‍රයත්නයේ කොටසක් ලෙස එළඹෙන සංවත්සර උත්සවයට අර්ථවත් අරුතක් එක් කරමින් මයිලිඩ්ඩි උතුරු කලෙයිමගල් මහා විද්‍යාලයේදී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී. කලෙයිමගල් මහා විද්‍යාලයේ සිසුන්ගේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා නව ප්‍රධාන ශාලා ගොඩනැගිල්ලකට මුල්ගල තබමින් පාසල් 73ක ප්‍රතිසංස්කරණ වැඩසටහනේ මූලික පියවර සනිටුහන් කරමින් උත්සවය ආරම්භ විය. රුක් රෝපණ වැඩසටහනක්, පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සහ දන්ත වෛද්‍ය පරීක්‍ෂණ වැඩසටහනක් ද එදින වැඩසටහන්වලට ඇතුළත් විය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් තුෂාර බණ්ඩාර,ගුවන් හමුදා පලාලි කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද හේරත්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන, උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.පැට්‍රික් ඩිරන්ජන්, උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ක්වින්ඩස්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ බ්‍රේඩ්ලි, මයිලිඩ්ඩි උතුර කලෙයිමගල් මහා විද්‍යාලයේ විදුහල්පතිනි තමිල්සෙල්වි ෂන්මුගනාදන් යන මහත්ම මහත්මීන් සහ ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි