ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාඡිකයිනගේ පවුල්වල සහයෝගය වැඩි දියුණු කිරීමේ අරමුණින් ගුවන්පුර දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කරයි
2:06pm on Sunday 21st January 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ අභිනවයෙන් ඉදිකරන ලද දිවා සුරැකුම් මධ්‍යස්ථානය 2024 ජනවාරි 08 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය විසින් ගුවන් හමුදා ගුවන්පුර පරිශ්‍රෙය්දී නිල වශයෙන් විවෘත කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ දැක්මට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පුළුල් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාප්තියේ සමාරම්භක අදියරේ ප්‍රතිඵලයක් ලෙස කොළඹ ගුවන් හමුදා කඳවුරේ නව දිවාසුරැකුම් මධ්‍යස්ථානය ඉදිකරන ලද අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා සුබසාධන සේවාවක් ලෙස දිවා සුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලදී. දිවා කාලයේ තම දරුවන්ගේ රැකවරණය සඳහා අවශ්‍ය පරිසරයක් සලසා දීම මෙහි අරමුණ වේ.
 
මෙම සමාරම්භක උත්සවයේදී මෙම ව්‍යාපෘතිය සඳහා නොමසුරු ලෙස අරමුදල් සම්පාදනය කළ අනුෂා දර්ශි මහතිමිය වෙත  ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ භාර්යාවන්, කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු රුවන් චන්දිම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරේ සේවා වනිතා ඒකකයේ සභාපතිවරයා විසින් සුභාශිංසන පිරිනමන ලදී.මෙම අවස්ථාවට දිවා සුරැකුම් මධ්‍යස්ථානය භාවිතා කරන දෙමාපියන් සහ දරුවන් ද, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි