'ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලිය - 2024' පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම
2:20pm on Sunday 21st January 2024
'ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලිය - 2024' සඳහා වූ මාධ්‍ය හමුව 2024 ජනවාරි 08 ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි නව ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඩයලොග් එන්ටර්ප්‍රයිසස් හි සමූහ ප්‍රධාන නිළධාරී නවීන් පීරිස් මහතා අතින් ගුවන් හමුදාධිපති ගොල්ෆ් කුසලානය නිරාවරණය කිරීම මෙම උත්සවයේ ප්‍රධාන අවස්ථා විය. ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ විසින් මෙහෙයවන ලද ගුවන් හමුදා ක්‍රීඩා දින දර්ශනයේ ඉදිරි ක්‍රීඩා ඉසව් පිළිබඳ දැනුවත් කිරීමක් ද මෙම අවස්ථාවට ඇතුළත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් විසින් 2024 ජනවාරි 19 වන දින සිට 21 වන දින දක්වා ත්‍රිකුණාමලය වරාය නගරයට නුදුරින් පිහිටි සුන්දර චීනවරායේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.  පිට පිට 11 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සදහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් සමූහය අඛණ්ඩව සිව්වන වරටත් ව්‍යවසාය සම්බන්ධතා සහකරු ලෙස ගුවන් හමුදාධිපති ගොල්ෆ් කුසලානය සදහා සත්කාරකත්වය දරනු ලබයි.මාධ්‍ය හමුව අවසානයේ ඩයලොග් එන්ටර්ප්‍රයිසස් හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා විසින් සංකේතාත්මක අනුග්‍රාහක චෙක්පත ගුවන් හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම මාධ්‍ය හමුවට ඩයලොග් එන්ටර්ප්‍රයිසස් හි සමූහ ප්‍රධාන නිලධාරි නවීන් පීරිස් මහතා, 2024 ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ සංවිධායක කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ, ගුවන් හමුදා ගොල්ෆ් සම්මේලනයේ සභාපති එයාර් කොමඩොර් අසේල ජයසේකර මහතා සහභාගී විය. ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ සහ ගුවන් හමුදා ගොල්ෆ් සම්මේලනයේ ලේකම් විංග් කමාන්ඩර් නවීන් ගුණරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි