ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්‍ෂාංගය 31 වන සංවත්සරය සමරයි
2:58pm on Sunday 21st January 2024
ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්‍ෂාංගය 2024 ජනවාරි 13 වන දින සිය 31 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලැබීය. මෙම පුහුණු පක්‍ෂාංගය මුලින් 1993 ජනවාරි 13 වන දින සටන් පුහුණු පාසල ලෙස ආරම්භ කරන ලද අතර පසුව එහි නම ගොඩබිම් පුහුණු පක්‍ෂාංග ලෙස 2013 ජූලි 15 වන දින වෙනස් කරන ලදී.

ගොඩබිම් පුහුණු පක්‍ෂාංගය මේ වන තෙක් අණදෙන නිලධාරීන් 28 දෙනකු සේවය කර ඇති අතර දැනට එහි අණදෙන නිලධාරී වශයෙන් ගෲප් කැප්ටන් ආර්.එන්.ඩී.සේනාධීර නිළධාරීතුමන් කටයුතු කරයි. වර්තමානයේ මෙම කීර්තිමත් පක්‍ෂාංගය නිලධාරි ශිෂ්‍යභටයින් සඳහා BSc උපාධි වැඩසටහන, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරි ශිෂ්‍යභටයින් සඳහා ශාඛා පාඨමාලා, බඳවා ගැනීමේ පාඨමාලා, මෙහෙයුම් ගුවන් උසස් පාඨමාලා, මූලික සහ උසස් විනයාරක්ෂක වාත්තීය පුහුණු පාඨමාලා සහ ඉංග්‍රීසි භාෂා පාඨමාලා පවත්වමින් සුදුසුකම් ලත් පුද්ගලයන් බිහිකරමින් පවතී.

චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම ආරම්භ වූ අතර ප්‍රධාන උපදේශක බලඝන නායක එන්ජීකේ දයකුමාර නිළධාරීතුමන් විසින් පෙළපාලියට අණදෙන ලදී. පෙළපාලිය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්.එන්.ඩී සේනාධීර විසින් සමාලෝචනය කරන ලද අතර  චීන වරායේ පිහිටි ‘ශ්‍රී බෝධිරාජාරාමය’ විහාරස්ථානයේ දී සහ ‘කෝනේෂ්වරම් කෝවිලේ’දී ආශිර්වාද පූඡා වැඩසටහනක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි