“ස්වීප් ඇන්ඩ් ෂූට්” වෙඩි තැබීමේ ශූරතාවලිය - 2024
3:07pm on Sunday 21st January 2024
“ස්වීප් ඇන්ඩ් ෂූට්” වෙඩි තැබීමේ ශූරතාවලිය 2024 ජනවාරි 12 වන දින සිට 14 වන දින දක්වා වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ පිටියේදී පැවැත්විණි. නාවික හමුදාව සහ පොලිසිය ඇතුළුව දිවයිනේ කීර්තිමත් වෙඩි තැබීමේ සමාජ 22 ක ප්‍රමුඛ පෙළේ වෙඩික්කරුවන් 194 කට අධික පිරිසක් මෙම සුවිශේෂී ශූරතාවලියට සහභාගි වූහ. මීට අමතරව, පිරිමි වෙඩික්කරුවන් 15 දෙනෙකු සහ කාන්තා වෙඩික්කරුවන් 4 දෙනෙකු ගුවන් හමුදාව නියෝජනය කරමින් තරඟාවලියේදී ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කළහ.

ප්රතිඵල සාරාංශය

නිෂ්පාදන අංශය තනි පුද්ගල පිරිමි

රන් පදක්කම
කෝප්‍රල් ප්‍රියශාන්
රිදී පදක්කම ප්‍රමුඛ ගුවන් භට චතුරංග
ලෝකඩ පදක්කම කෝප්‍රල් දයාවංශ

විවෘත අංශය තනි පුද්ගල පිරිමි

රිදී පදක්කම
කෝප්‍රල් විජේසූරිය

නිෂ්පාදන අංශය තනි පුද්ගල කාන්තා

රන් පදක්කම කෝප්‍රල් මෙකලා
රිදී පදක්කම් සැරයන් වෛද්‍යරත්න
ලෝකඩ පදක්කම කෝප්‍රල් සමුද්‍රිකා

බෝර 12 ෂොට් තුවක්කු සම්මත තනි පුද්ගල කාන්තා

රන් පදක්කම කෝප්‍රල් සමුද්‍රිකා
රිදී පදක්කම් සැරයන් වෛද්‍යරත්න
ලෝකඩ පදක්කම කෝප්‍රල් මෙකලා

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි