ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන ක‍‍ඳවුරේ අංක 61 පියාසර බලඝණය වෙත නව අණ දෙන නිලධාරී වරයෙක්
3:26pm on Sunday 21st January 2024
ගුවන් හමුදා රත්මලාන ක‍‍ඳවුරේ අංක 61 පියාසර බලඝණයේ නව අණ දෙන නිලධාරී තනතුර භාර දීමේ සහ භාර ගැනීමේ සාම්ප්‍රදායික  පෙළපාළිය 2024 ජනවාරි 16 වන දින සිදු කරන ලදී. එහිදී නික්ම නව අණදෙන නිළධාරීවරයා ලෙස විංග් කමාන්ඩර් ඒආර් පතිරගේ පත් වු අතර විංග් කමාන්ඩර් ඡේඒආර් ජයවික්‍රම විසින් නිළ වශයෙන් තණතුර භාරදීම එදින සිදු විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී න්‍යාය සහ පුහුණු සංවර්ධන ලෙස විංග් කමාන්ඩර් ජේ.ඒ.ආර්.ජයවික්‍රම විසින් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතව ඇත.

නව අණදෙන නිළධාරීතුමන් මීට පෙර ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ මෙහෙයුම් අණදෙන නිළධාරී ලෙස  සේවය කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි