ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවය
3:33pm on Sunday 21st January 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිවිපුදූ වීරෝධාර සාමාජිකයින්ට උපහාර දැක්වීම සහ ගුවන් හමුදාවේ සේවය කරන සියලුම සාමාජිකයින්ට ආශිර්වාද පතා සිදුකරන ලද වාර්ෂික සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනා කිරීමේ පිංකම 2024 ජනවාරි 18 වන දින ගුවන් හමුදා පාලවි කඳවුරේදී පැවැත්විණි. අනතුරුව, 2024 ජනවාරි 19  උදෑසන 20 නමක මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් පවත්වන ලදී. පාලවි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රභාත් ඇලෙක්සැන්ඩර්, සේවා වනිතා ඒකකයේ  සභාපතණී, ප්‍රියදර්ශනී ජයසුන්දර මහත්මිය ඇතුළු සියලුම සේවා නිලධාරීන් සෙසු නිළයින් මෙම අවස්ථාව සදහා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි