ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ 26 වැනි සංවත්සරය සමරයි
12:23pm on Tuesday 30th January 2024
ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් නිශාන්ත ප්‍රියදර්ශන නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟින් 2024 ජනවාරි 26 වන දින සිය 26 වන සංවත්සරය සමරන ලදී.

අණදෙන නිළධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් දින සැමරුම ආරම්භවු කෙරුනු අතර වසර 26ක් පුරා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රධාන ආරක්‍ෂක සේවා සපයන්නා ලෙස එම ස්ථානයෙහි ඇති වැදගත්කම අණදෙන නිලධාරීතුමන් විසින් මෙහිදී අවධාරණය කරන ලදී. එමෙන්ම පසුගිය වසර 26 තුළ කදවුරේ සංවර්ධනයට දායක වූ සියලුම නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් වැසියන්ට ස්තුතිය පුද කළේය.

දින සැමරුම් උත්සවයට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවය 2024 ජනවාරි 23 දින කදවුරු ස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුනු අතර, පසුදින 2024 ජනවාරි 24 වන උදෑසන පූජ්‍ය මහා සංඝරත්නය 15 නමක් උදෙසා දානමය පිංකම සිදු කරන ලදී.

සියලුම සේවා සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟාවලියකින් සංවත්සර සැමරුම අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි