අංක 8 සැහැල්ලූ ප‍්‍රවාහන ගුවන් යානා බලඝනය ජලය මත ගුවන් යානා සූදානම වැඩි දියුණු කරයි
2:23pm on Friday 9th February 2024
අංක 8 සැහැල්ලූ ප‍්‍රවාහන ගුවන් යානා බලඝනය විසින් 2024 ජනවාරි 26 වන දින ගල්කිස්ස වෙරළ තීරයේ දී ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා ඩිංගි යාත්‍රා මෙහෙයුම් පුහුණු සැසියක් පවත්වන ලද අතර වැඩබලන ගුවන් ගමන් ආරක්ෂාව සහ ගුවන් හමුදා රත්මලාන කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් අසේල ජයසේකර විසින් මෙම අභ්‍යාසය අධීක්ෂණය කරන ලදී.

පුහුණු සැසියේ මූලික අවධානය යොමු විය ඩිංගි යාත්‍රා මෙහෙයුම් සහ නාවික දිවි ගලවා ගැනීමේ උපකරණ පිළිබඳව හුරුපුරුදු වීම පුහුණු සැසියේ මූලික අවධානය යොමු විය. මෙම අභ්‍යාසයේ දී ගුවන් නියමුවන් 11 දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ආරක්ෂාව සහ මෙහෙයුම් සූදානම සඳහා ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කළහ. වෙරළාරක්ෂක උපදේශකවරුන් හය දෙනෙක් ඔවුන්ගේ විශේෂඥ දැනුම බෙදාහදා ගනිමන් පුහුණුව සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළහ.

ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් සැබෑ ජීවිත තත්වයන් අනුකරණය කරමින් පුහුණුව සදහා ප්‍රායෝගිකව සහභාගී වෙමින් හදිසි ජල ගොඩබෑමකදී ඉක්මන් ප්රතිචාර දැක්වීමේ පියවරයන් කෙරෙහි අවධානය යොමු කරන ලදී. විවිධ තත්වයන් යටතේ ඩිංගි යාත්‍රා නිසි ලෙස යෙදවීම සහ ක්‍රියාත්මක කිරීම, ජීවිතාරක්ෂක උපකරණ හැසිරවීමේ සහ උපමාරු දැමීමේ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ප්‍රවීණතාවය ඉහළ නැංවීම පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් මෙම පුහුණුවට ඇතුළත් විය.

මෙම පුහුණුව මගින් නාවික හමුදාවේ දිවි ගලවා ගැනීමේ උපකරණ භාවිතය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දුන් අතර, මුහුදේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මෙවලම් පිළිබඳව ගුවන් යානා කාර්ය මණ්ඩලයට හුරුපුරුදු කිරිමද සිදු විය. වඩදිය බාදිය සහ රළු මුහුදු තත්වයන්ට මුහුණ දීම මෙන්ම අයහපත් කාලගුණය සහ සාගර තත්ත්වයන් හා සම්බන්ධ අභියෝග සඳහා සැරිසැරීමට ගුවන් හමුදා සාමාජිකයින් හට මනා අවබොධයක් ලබා ලන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි