‘හුස්ම’ දිනුම් ඇදීම ප්‍රදානය කිරීමේ උත්සවය සහ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ විභාගවල විශේෂ ජයග්‍රහණ ඇගයීමේ උත්සවය
2:29pm on Friday 9th February 2024
‘හුස්ම’ දිනුම් ඇදීමේ උත්සවය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ විභාගවල විශේෂ ජයග්‍රහණ ඇගයීමේ උත්සවය 2024 ජනවාරි 29 වන දින ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය සමඟින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

උත්සවයේ ආරම්භක කොටස වූයේ ‘හුස්ම’ දිනුම් ඇදීමේ ජයග්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමයි. මෙම දිනුම් ඇදීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා 2023 දෙසැම්බර් මස ආරම්භ කරන ලද "හුස්ම" ව්‍යාපෘතියට සමගාමීව පවත්වන ලදී. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ අවශ්‍යතා ඇති සේවා පුද්ගලයින්ට සහ දිළිඳු ප්‍රජාවන්ට උපකාර කිරීමයි. පසුගිය වසරේ වාසනාවන්ත ජයග්‍රාහකයින් 28 දෙනෙකු සදහා ත්‍යාග පිරිනමන ලද අතර  2023 දිනුම් ඇදීමේදී වාසනාවන්තයින් 100 දෙනෙකු තෝරාගෙන රු. 25,000 බැගින් ත්‍යාග මුදල් පිරිනමන ලදී.

මෙම උත්සවයේදී 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගවලින් දස්කම් දැක්වූ දරුවන් ඇගයීමට ලක් කිරීම ද සිදු විය. 2023 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ ළමුන් 396 දෙනෙකුගෙන් 30 දෙනෙකුට රු.8,000 බැගින් සහ දුරස්ථභාවය හේතුවෙන් පැමිණීමට නොහැකි වූ ඉතිරි දරුවන්ගේ පෞද්ගලික ගිණුම්වලට මුදල් ත්‍යාග තැන්පත් කිරිමට කටයුතු කරන ලදී.

එසේම අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ විභාගවල විශේෂ සාමාර්ථයන් සඳහා පිළිවෙළින් රු.20,000 ක් සහ රු.25,000ක් ප්‍රදානය කරන ලදී. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඇ සාමාර්ථ 9ක් (24 දෙනෙකු) ලබාගත් සිසුන් 9 දෙනෙකු සහ උසස් පෙළ විභාගයෙන් ඇ සාමාර්ථ 3ක් ලබාගත් සිසුන් දෙදෙනෙක් (6 දෙනෙකු) උපහාර උළෙලේදී ඇගයීමට ලක් කෙරිණි.

තවද, සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය විසින්  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව දියත් කරන ලද  "මගෙන් පොතක් උතුරට" ‘හුස්ම’ ව්‍යාපෘතිය සඳහා රුපියල් 500,000ක අරමුදල සංවිධායක කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ මහතා විසින් මුදල් ලබා ගන්නා ලදී.

මෙම උත්සවය සඳහා ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්,  ගුවන් හමුදා කොළඹ කදවුරේ අණදෙන නිළධාරී සහ ඔහුගේ බිරිඳ, නිළධාරීන් සහ සෙසු නිලයින්, ‘හුස්ම’ දිනුම් ඇදීමේ ජයග්‍රාහකයින්, විභාගවලින් දක්‍ෂතා දැක්වූ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් එක්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි