ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ
2:32pm on Friday 9th February 2024
ගුවන් හමුදා කටුනායක කඳවුරේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනිම 2024 ජනවාරි 31 වන දින සිදු කරන ලද අතර එහිදී පිටත්ව යන අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් එම්ඩබ්සීඑම් වාකිෂ්ට නිලධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් යුඑම්එස්බී ආරියරත්න නිලධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදි.

නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් යුඑම්එස්බී ආරියරත්න නිලධාරීතුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පක්‍ෂාංගයේ වැඩබලන අණදෙන නිළධාරියා ලෙස පත්වීමට පෙර ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පක්‍ෂයේ ප්‍රවාහන අණදෙන නිලධාරී වශයෙන් මීට පෙර සෙවය කරන ලදී.
    
නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් වාකිස්ට ගුවන් හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි සිවිල් ඉංජිනේරු නිර්මාණ තනතුර භාරගැනීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි