ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අලුතින් ඉදිකරන ලද මහල් 5 කින් යුත් නිලධාරීන්ගේ විවාහක නිවාස ගොඩනැගිල්ල විවෘත කිරීම ගුවන් හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
2:34pm on Friday 9th February 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අභිනවයෙන් ඉදිකරන ලද මහල් 5 කින් යුත් නිළධාරීන්ගේ විවාහ නිවාස ගොඩනැගිල්ල 2024 පෙබරවාරි 01 වන දින විවෘත කරන ලදී.

සමරු ඵලකය නිරාවරණය කර විවෘත කිරීමේ උත්සවය ආරම්භ වූ අතර නව නිවාසලාභීන් වෙත යතුරු ප්‍රදානය කිරීම ගුවන් හමුදාධිපතිතුමා අතින් සිදු විය. ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලය, ගුවන් හමුදා රත්මලාන කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් අසේල ජයසේකර, පක්ෂාංග අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ නිවාසලාභීන්ගේ පවුල්වල සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි