සිලෝන් චොකලට් සමාගම ‘මගෙන් පොතක් උතුරට’ සාක්ෂරතා ව්‍යාපෘතිය සඳහා සහය ලබා දෙයි
5:37pm on Wednesday 20th March 2024
සිලෝන් චොකලට් සමාගමෙහි මූල්‍ය හා සැලසුම් අංශයේ වාණිජ කළමනාකරු ප්‍රදීප් කුඩාගමගේ මහතා විසින් 73 වැනි සංවත්සරයට සමගාමීව උතුරු පළාතේ ‘මගෙන් පොතක් උතුරට’ සාක්ෂරතා ව්‍යාපෘතියට සහයෝගය දැක්වීම සඳහා පොත් තොගයක් සහ මූල්‍ය ආධාර පරිත්‍යාග කරන ලදී. 2024 පෙබරවාරි 22 වන දින සීමාසහිත සිලෝන් චොකලට් සමාගමෙහි කාර්යාලයේදී ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරි ස්කොඩ්‍රන් ලීඩර් ඉවොන් විතාරණ වෙත එම මූල්‍ය ආධාර භාර දෙන ලදී.මෙම සුවිශේෂී අවස්ථාවට උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ/ සන්නාම ප්‍රධානී කරිෂ්මා වෙල්ගම මහත්මිය සහභාගී විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි