ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ ගුවන් කථිකාව 2024 සඳහා වෙබ් අඩවියක් දියත් කරයි
10:44pm on Monday 25th March 2024
කොළඹ ගුවන් කථිකාව (CAS) යනු ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ආවේනික අවස්තාවක් වන අතර මෙමගින් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සංවාද මතවාද නවෝත්පාදන වැඩි දියුනු කිරීම උදෙසා පවත්වයි. ප්‍රසස්ත හෙටක් සඳහා වාතය සහ අභ්‍යවකාශ බලය පරිවර්තනය කිරීම.ඉන්දියන් සාගරයෙ අපට ඇති බලය ශාක්ෂාත් කර ගැනීම වැනි කරුනු රාශියක් මෙහිදී සාකච්ඡා කෙරිනි.

මේ වසරේ ඔක්තෝබර් 17 සහ 18 යන දෙදින තුල බංඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදි පැවැත් වීමට නියමිතය.ගෝලීය චින්තන නායකයින් ශක්තිමත් කිරීම,පර්‍යේශකයන් සහ ගුවන් සේවා ලෝලීන්ට අදහස් දැක්වීම  දැනුම හුවමාරු කොට  ගැනීමේ වේදිකාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.

කොළඹ ගුවන් කථිකාව 2024 සඳහා වූ නිල වෙබ් අඩවිය ඊයේ ගුවන් හමුධාදිපති තුමන් විසින් ගුවන් හමුදා මූලස්ථානයේ දී විවෘත කෙරින. කොළඹ ගුවන් කථිකාවෙහි මහලේකම් එයාර් වයිස් මාෂල්  ටිඅයි ප්‍රනාන්දු විසින් පිලිගැනිමේ කතාව ඉදිරිපත් කෙරිනි. ගුවන් සේවා ක්ෂෙත්‍රයේ දැනුම සහ ප්‍රගතිය පිලිබඳ විස්තර රාශියක් මෙහිදී ඉදිරිපත් කෙරිනි.මේ සඳහා ගුවන් හමුදා මාන්ඩලික ප්‍රධානී තුමන් ඇතුලු අධ්‍යක්ෂක මන්ඩලය සහබාගී විය.

colomboairsymposium.lk

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි